IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘‘රට මාස දෙකකින් සම්පූර්ණයෙන්ම අරිනවා‘‘

(සුජිත් හේවාජුලිගේ )

විශාල දෙයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රටේ සියලුම ජනතාවට සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

රට හැමදාම වසාගෙන සිටීමට හැකියාවක් නැතැයි කී ශවේන්ද්‍ර සිල්වා මහතා අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන රට විවෘත කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට නිතර උපදෙස් ලබාදෙන බවද පැවසුවේය.

එසේම විදේශිකයන් සඳහා රට විවෘත කිරීමටද සාකච්ඡා අරඹා ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොරෝනා එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන විදේශිකයන්ට පී.සී.ආර් පරීක්ෂණයකින් පසු මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදිය හැකි වනු ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.

රටපුරා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර ඇතැයි පැවසූ ඒ මහතා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශ මේ සඳහා සිය උපරිම දායකත්වය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (24)

‘‘රට මාස දෙකකින් සම්පූර්ණයෙන්ම අරිනවා‘‘

මහසෙන් Wednesday, 14 July 2021 01:01 PM

කරණා සේවයට සමස්ත ජාතියේම ගෞරවය නිතැතින් හිමිවේ. නමුත් කට පරිස්සම් කර ගැනීම වටී. මීට පෙර අවස්ථාත් සිහිවේ. සටන් කරන්නේ නොපෙනෙන සතුරෙක් සමගිනි...

:       251       337

දිලාන් Wednesday, 14 July 2021 11:25 PM

හමුදාව අපිට මෙච්චර දෙයක් කරලත් මේ ගොල්ලන්ට උපාධිය ගන්න තියන "කොතලාවල විද්‍යා පිඨය" ට "මිලිටරි කරණය වෙනවෝ" කිය කියා ස්ට්‍රයික් කරකර වින කටින්න හදන්න එක ගැනනම් ඇත්තේ විශාල පිළිකුළක්...

:       0       0

Nuwan Wednesday, 14 July 2021 01:06 PM

දැන් මේ ඇරිලා තියෙන ප්‍රමානේ මදිද?

:       106       465

Chinthaka Wednesday, 14 July 2021 01:24 PM

අනේ, හමුදාපතිතුමෝ, මේ වසංගත තත්වය සම්පූර්ණයෙන් පහව යනකම් ඔය දේ කරන්න එපා. මතකනේ සිංහල අවුරුද්දට ඇරලා දීලා වුණු දේ.. සංචරණ සීමා ඉවත් කළාම අපේ මිනිස්සු හිතන්නේ කොරෝනා වසංගතය ඉවරයි කියලා...

:       64       142

කිරි පුතා Wednesday, 14 July 2021 01:26 PM

ජනතාවගෙන් වැඩි ප්‍රතිශතකයකට එන්නත් ලබාදීමෙන් අනතුරුව රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකි වේවි. නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම අප සැමගේ වගකීමක්. මේ වෛරසය තව කාලයක් පරිසරයේ තැන තැන තියේවි.

:       67       121

Anura Wednesday, 14 July 2021 01:44 PM

අරින්න කලින් අඩුම ගානේ කොළඹ, ගම්පහටවත් එන්නත් මාත්‍රා 2ක් සම්පූර්ණ කරලා ඉන්න... ජයසුමන ඇමැතිතුමාම කිව්වා සයිනොෆාම් පළමු මාත්‍රාවෙන් පමණක් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියලා...!!!

:       24       69

chris Wednesday, 14 July 2021 01:49 PM

කොරෝනා මාරාන්තික වෛරසය හමුවේ අප කිසිවකුට පෙර ගතකළ ජීවිත ගත කිරීමට අවසර නැත.

:       1       68

පප්ප Wednesday, 14 July 2021 02:04 PM

අපේ අම්මලා කිව්වා කට ඉස්සර කරගන්න එපා කියලා..., මේ කොල්ල‍ා නහින්නේ කටහින්දා...

:       41       306

janabala asamagi Wednesday, 14 July 2021 02:36 PM

රට විවෘත කරලා සමගිජනබලවේගයට බාර දෙමු

:       128       264

aruni Wednesday, 14 July 2021 02:48 PM

මෙයාට වසංගත රෝග ගැන කිසිම දැනුමක් නැහැ. හැම තිස්සෙම කට ඉස්සර කරගෙන අන්තිමට පජාති වුණා. දෙමළ මිනිස්සු මැරුවා වගේ කොරෝනා මරන්න බැරිබව මේ මෝඩ මනුස්සයාට වැටහෙන්නේ නැහැ...

:       1052       1158

සමන්තWednesday, 14 July 2021 04:15 PM

දෙමළ මිනිසුන් මැරුවා කිව්වේ කොයි රටේද මහත්තයෝ...? ලංකාවේ නම් මැරුවේ කොටි ත්‍රස්තවාදීන්... යමක් කියද්දී සිහි බුද්ධියෙන් කිව්වොත් හොඳයි.

:       919       888

ranjithWednesday, 14 July 2021 05:40 PM

ඇයි නැත්තේ... 83 කළු ජූලියේදී අහිංසක දෙමල මිනිස්සුන්ව මැරුවේ කවුද..? යුද්දේ අන්තිම දවස්වල අහිංසක දෙමල මිනිසුන්ව මැරුවේ කවුද..? ඒවාට තමයි ඔය ජිනීවාවල මානුෂික හිමිකම් ආයතන වලින් අපිට විරුද්ධව සම්බාධක දමන්නේ. අපේ රටේ රටේ ජනාධිපතිවුනත් කමක් නැහැ සමහර රටවලට ගියොත් අත්අඩංගුවට ගන්න බලාගෙන ඉන්නවා.

:       436       516

kamalWednesday, 14 July 2021 07:08 PM

අරුණි කිව්ව දේ සම්පූර්ණ ඇත්ත. මේ ගොල්ලෝ ඒ කාලේ අහිංසක දෙමළ මිනිස්සුන්ව විතරක් නොවෙයි 88-89 කාලේ සිංහල කොල්ලන්, කෙල්ලනුත් දහස් ගණනක් මැරුවා. සිංහල අය නිවට නිසා ජාත්‍යන්තරයට ගියාට ප්‍රශ්නය දිගටම ගෙනගියේ නැහැ. නමුත් දෙමළ ප්‍රජාව ඒ සටන අදටත් ගෙනියනවා...

:       282       422

VithanaFriday, 16 July 2021 08:26 AM

අහිංසක දෙමළ මිනිසුන් මරපු සිදුවීම් ඕනෑ තරම් තිබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් ඒ නඩු ඉදිරියට අරගෙන ගියා. ඒත් ගෝඨාභය රාජපක්ෂ ඒ මිනීමරුවන්ට ජනාධිපති සමාව දුන්නා. තව නඩු තියෙනවා මේ ආණ්ඩුවෙන් යට ගහපු කප්පම් ගන්න දෙමළ තරුණයන් පැහැරගෙන ගිහින් මරපුවා එහෙම...

:       0       1

සෑම් Wednesday, 14 July 2021 02:52 PM

රට, රටටම යයි වගේ...

:       0       35

ගමේ එකාලා Wednesday, 14 July 2021 02:57 PM

මෙයා මොනවද වසන්ගතේ ගැන හරියට අනාවැකි කියන්නේ?

:       0       105

dhamneth Wednesday, 14 July 2021 03:05 PM

ලබන සතියේ 21,23 රජයේ නිවාඩු 22 නිවාඩු ගත්තොත් 24,25 සති අන්තයත් සමඟ එකදිගට දවස් 5 ක් නිවාඩු . සියලු දෙනා ප්‍රෙව්සම් වෙන්න

:       1       18

Pubudu Wednesday, 14 July 2021 03:23 PM

වැඩිපුරම සයිනෝෆාම් දෙන නිසා එතරම් ඉක්මනින් අරින්නේ කෝමද? මොකද සයිනෝෆාම් ඵලදායක වෙන්නේ දෙවෙනි මාත්‍රාවත් විදලා සතියකට පස්සේ...

:       0       72

Prabath Wednesday, 14 July 2021 04:20 PM

ගෞරවය තියාගෙන ඉන්න... ඔයා ජනාධිපති නෙවෙයිනේ. වැඩ ටික පිළිවෙළට යන්න. කියන දේ කියන කට්ටියට කියන්න දෙන්න. එතකොට ප්‍රශ්න නැහැ..

:       36       60

Raveendra Wednesday, 14 July 2021 05:42 PM

'සර්' එක්ක එකතුවෙලා අපිට වැඩේ දීලා නම් ගොඩක් කල්.. තව මොනවා කියලා කරන්නද?

:       19       216

de silva Wednesday, 14 July 2021 06:06 PM

ඉස්සරවෙලා අවශ්‍ය එන්නත් ප්‍රමාණය රට තුළට ගෙනත් එන්නත් කරමු. ඊට පස්සේ කතා කරමු...

:       0       13

thushan Wednesday, 14 July 2021 06:58 PM

තව අරින්න දෙයක් නෑනේ... සුපිරියටම ඇරලා තියෙන්නේ.. ගොඩ ඒමක් නෑ... ආයේ වැක්සින් එකෙනුත් ගැහුවනේ...

:       90       411

ළිං මැඩිය Thursday, 15 July 2021 11:46 AM

ඔය තීරණය ගන්න ඕනේ වසංගත අධ්‍යක්ෂතුමා නේද, අපේ රටේ වසංගත නිවාරන සෞඛ්‍ය අංශය ලෝකයේ ඉදිරියෙන්ම සිටිනවා. එම ආයතන වලින් මුලින්ම වැඩ ගතයුතුයි. අනිත් අංශ ඒවා යටතේ ක්‍රියාත්මක විය යුතුයි. අලුතින් system හදන්න අවශ්‍ය නැහැ, තියෙන system හොදටම ඇති, ඒවා ක්‍රියාත්මක කරන්න තමයි ඕනේ. system වෙනස් කරන්නේ තියෙන system වලින් හොරකන් කරන්න බැරි ඉන්දයි. සුළු ප්‍රමාණයක් වර්තමානයට යාවත්කාලින කරන්න අවශ්‍යයි.

:       0       0

අබේරත්න Thursday, 15 July 2021 04:05 PM

පොඩි මිනිසා තමයි තැලෙන්නේ. රට අරින්න කලින් ඡන ජීවිතය කොහොමද කියලා හොයලා බලනවා නම් හොදයි නේද රජයක් වශයෙන්... තවම හමුවන රෝගීන් ප්‍රමාණයේ අඩුවක් නැහැ. අවුරුද්දට ඇරලා හොඳට කෙළවා ගත්තා. එ්වා හොඳ පාඩම්. රටවැසි අපට යහපත උදාවේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 195 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 534 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site