(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකොලොත් කිරීම ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම යුතුකම බවත් රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව බව පරීක්ෂණයක් කර රටට කිව යුතු බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රට බංකොලොත් කළේ පාර්ලිමේන්තු නියෝජිතයන් නොව පාර්ලිමේන්තුව නොදැනුවත්ව වෙන කණ්ඩායමක් විසින් වන නමුත් වරද පාර්ලිමේන්තුව පිට පටවා තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා කීය.
රට බංකොලොත් කිරීමේ බලය මුදල් අමාත්‍යංශයට හෝ මහ බැංකුවට නැතැයි ද බලයක් නොමැති දෙයක් කළ විට සියලුම දෙනා නිහඬව සිටින අතර දඬුවම් විඳින්නේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් බවද අබෙිවර්ධන මහතා පැවසීය .
විදේශ ණය ගෙවන්නේ නැතැයි හිතුමතේ තීරණ ගන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නැතැයි කී අබෙිවර්ධන මහතා පාර්ලිමේන්තුවට තිබෙන බලය අයුතු ලෙස පාවිච්චි කළ විට 225 දෙනාම ලැජ්ජාවට පත්විය යුතු බවද සඳහන් කළේය.
රටේ තත්ත්වය පාර්ලිමේන්තුවට වාර්තා කළා නම් පාර්ලිමේන්තුව රැස්වී රට බංකොලොත් නොකර කටයුතු කරන්නට ක්‍රියාවලියක් හදනු ඇති බවද එසේනම් අද කරන වැඩේ එදා කරන්න තිබූ බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව මූල්‍ය පාලනය අතහැර වෙන අයට බාරදී තිබෙන නමුත් නීතියෙන් මූල්‍ය පාලනය අයත් වී ඇත්තේ පාර්ලිමේන්තුවට බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
බලයක් නැති ක්‍රියාවලියක් ලංකාවේ සිදුවී තිබෙන අතර ඒ ගැන ජනාධිපතිවරයා මන්ත්‍රීවරයකු ලෙස සිටියදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර තිබෙන්නේ යැයිද සාර්ථක ව්‍යාපාරිකයන් අසාර්ථක ව්‍යාපාරිකයන් කළේ පාර්ලිමේන්තුව නොවේ යැයි වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රට බංකොලොත් කිරීමට පාර්ලිමේන්තුවේ 225 වගකීම අවශ්‍ය නැති අතර මෙි ක්‍රියාවලියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී නැත්නම් රට බංකොලොත් බවට ප්‍රකාශ කළ අය කර තිබෙන්නේ නීති විරෝධී වැඩක් බවද වජිර අබෙිවර්ධන මහතා කීය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් විහිලුවක් - මෙරටෙ ඉන්නෙ හරක් නෙවෙයි කියන එක මෙ මනුස්සයාට තෙරෙන්නෙ නත්තෙ මොකද = රට විනාස වෙනකල් හොයන්නෙ නතුව පාර්ලිමෙන්තුව බුදියගෙනද හිටියෙ.
එතකොට පාර්ලිමේන්තුව දැනුවත්ව 225 වින්ඳ සැප නිසා රට බංකොලොත් උනේ නැද්ද..?
ආනයන සිමා ලිහිල් කරපුගමන් සුප්පු 225ක් ගෙනත් දෙන්නයි හිතාගෙන ඉන්නෙ චුටි බබාලා ටිකට. අහින්සක හා පැටවුනේද?
ඇත්තද? අනේ අපි තමයි රට බංකොලොත් කලේ.
රාජපක්ෂලට කඩෙ යන්ඩ ද ඔයා පර්ලිමෙන්ට් ආවෙ? එහෙනම් මොකටද මුදල් ඇමති (බැසිල්) අගමැති (මහින්ද) ජනාදිපති (ඝොටා) ඉල්ලා අස්වුනෙ
දියවන්නාවේ තොත්ත බබාලා. ජාතික මුදල් බලය තනි පුද්ගලයෙකු පාව්චිච් කරනකම් බකං නිලාගෙනද හිටියෙ ? බැඳුම්කර වංචාව සීනි බදු වංචාව අසාර්ථක මහා පරිමාණ ඉදිකිරීම් වැරැදි කෘෂිකර්ම ප්‍රතිපත්ති වගේ ජාතික වශයෙන් වැරැදි තීරණ වලට උඩගෙඩි දුන්නේ ඕක ඇතුළෙන්ම නේද?
කතානායකයාට පුළුවන් නම්, මෙයාව මානසික වෛද්‍යවරයකුට යොමු කරන්න. රට බංකොලොත් වේවි කියල මීට අවුරුදු දෙහකට කලින් හර්ෂ සිල්වා, එරාන්, චම්පික සහ ජ වි පෙ මන්ත්‍රීතුමන්ලා ආණ්ඩුවට කියල දුන්නා, අවවාද කළා. නමුත් ආණ්ඩුව හෝ ජනාධිපති හෝ ගණන් ගත්ත නැහැ. ගෞටාබය පවා කිව්වා වැරදි තීන්දු තීරණ ගත්ත නිසා තමයි රට බංකොලොත් වුනේ කියල. දැන් මෙයා පිස්සු කතා කියන්නේ. තවත් එකක් එදා මේ වජිරලා බලයේ ඉන්න කොට හොරුන්ව ආරක්ෂා කලේ නැත් නම්, අද රට බංකොලොත් වෙන්නත් නැහැ. වජිරලා පරදින්නත් නැහැ.
ජනතාව දන්නවා කවුද හොරු කියලා... ඒ හින්දා 225 බේරගන්න සටන නවත්වන්න..
තොත්ත බබ්බු. මුකුත්ම දන්නේ නැහැ වැඩවරදිනකන්..
රටට කරපු විනාශය මදිවට එකඑකා පිට පටවමින් සුදනලා වෙන්න හදන්න එපා.උඹලට වඩා මොළේ තියෙනවුන් එළියෙ ඉන්නව.
පව්, බලන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න බබාලාටවත් කියලා නෑනේ රට බංකොලොත් කරනවා කියලා, එයාලා බබාලන්තේ ඉන්නකොටද කොහේදෝ මේ වැඩේ කරලා තියෙන්නේ...!