ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
රටේ ප්‍රධානියා ආණ්ඩුවේ කටයුතුවලට අකුල් හෙළන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අද (8) පැවසීය.
ආණ්ඩුවේ කටයුතුවලට ආශිර්වාද නොකරන ප්‍රධානියා රජය දූෂිත බවට වැරදි මතයක් ඇතිකරමින් සිටින බවද සරත් ෆොන්සේකා මහතා සදහන් කළේය.
එයින් රටට වන හානිය රටේ ප්‍රධානියා තේරුම් ගත යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.
තමා කියන දේ ඇමැතිවරුන් පිළිගන්නේ නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි කී මන්ත්‍රීවරයා මේ අයුරින් කටයුතු කරන්නන්ට ගියහොත් කිසිවෙක් ඔහු කියන දේ පිළි නොගනු ඇතැයි ද පැවසීය.
ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා පමණක් විශාල මුදලක් වෙන්කිරීම අසාධාරණ බවද හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව සහතික ඇත්ත. ආණ්ඩුවට බනිනවා. වැඩවලට අකුල් හෙළනවා. පොළව යටට යවන්න හැදුවා යයි කියන කට්ටියක් සමග එකතුවී සාර්ථක නොවන ගමනක යනවා. ඒ වුණාට රජයෙන් දෙන සියලු සැප පහසුකම් වලටත් අමතරව රජසැප භුක්ති විඳිනවා." ලිඳෙන් වතුර බීලා - එයින් වතුර නාලා - ලිඳට ගල් ගසලා, වතුර බොරකරයි මිනිසා - ගඟට ආවඩයි"
මොකද මේ? එයා ආණ්ඩුවේ කෙනෙක් නෙවේද?
යන එන මන් නැති පස්සෙ දොරෙන් පාර්ලිමේන්තුවට ආපු වෙල් විදානේට මහා බැංකුව මංකොල්ල කාපු රනිල් ගැන කිසිවක් ප්‍රකාශ කරන්නේ නැති එක පුදුමයට කරුණක්....
"හිටපු හමුදා නිලධාරියකු" වන ඔබට අපගේ සිත්වල ඇත්තේ අසීමිත ගෞරවයකි... එනමුත් "දේශපාලකයකු හැටියට මේ උන්දැ" කෙරෙහි ඇත්තේ ඉතා අප්‍රසන්න අශෝභන හැගීම් බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. එම අප්‍රසන්න මෙන්ම අශෝබන අනෙකුත් "ගවයන් 224" කෙරෙහිම එලෙසම වෙනසක් නොමැති බවත් කීමට කැමැත්තෙමු.
Reveendra ගේ කතාව හරි. වෛරක්කාරී දේශපාලනය නොකර සිටියා නම් මෙතුමාගේ වටිනාකම කොයි තරම්ද?
ෆොන්සේකාගේ දේශපාලන රටාව පිළිබඳ මටත් ප්‍රශ්න තිබෙනවා. නමුත් මෙතන මොහු කියන්නේ සත්‍යයක්.. මෙම ප්රශ්නය රටේ ආර්ථිකයට විශාල ලෙස බලපානවා. ඡන්දෙට කලින් දීපු පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ජනාධිපතිතුමාට කිසිම පිළිවෙලක් සහ ශක්තියක් නැති බව පෙනේ. රජපක්ෂලා මෙතරම් හොඳ නම්, දක්ෂ නම් 2015දී ඔවුන්ට විරුද්ධව විවිධ චෝදනා එල්ලකර, පසුව චෝදනා කිසිවක් ඔප්පු කරගත නොහැකිව නැවත ඔවුන් පසුපසම යන එකෙන් මෙය හොඳින්ම පෙනේ... රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිටි මිනිස්සු හොරකම් කළත් හෙමින් හෙමින් හෝ රට සංවර්ධනය කරාගමන් කළේය. දැන් මහබැංකු සොරකම වැනි දේවල් සිදුවී ඇතත් ඇඟට දැනෙන සංවර්ධනයක් සිදුවී ඇත. ජනාධිපතිතුමාට මේ සියලු දේවල් එජාපය පිට පමණක් පටවලා බේරී පැත්තකට විය නොහැක. පසුගිය අවුරුදු 4දී රටපාලනය කල විධායක ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ඔහුය. පසුගිය අවුරුදු 3 1/2දී ඇතිකරගෙන තිබු හවුල්කාර ආණ්ඩුවේ එක ප්‍රධාන පක්ෂයක නායකයා ඔහුයි.
මෙම ප්‍රකාශය ඉතා නිවැරදිය. මේ සියල්ල සිදුවන්නේ මොහු රාජ්‍ය නයෙකයෙකුට අවශ්‍ය සුදුසුකම් හා පරිණත බවය. මොහු සතු නොවන නිසාය. මොහු රටේ ජනතාවට නායකත්වය සපයා බලයට පැමිණි අයෙක් නොවන අතර වෙනත් අයගේ පිහිටෙන් නායකත්වයට පැමිණි අයෙක් බව අමතක නොකළ යුතුය. ජනතාව මෙය තේරුම් ගත යුතුය.
ඔබතුමාව අපිට අප්පිරියා වෙලයි තියෙන්නේ...
විශ්වාස භංගයක් ගෙනැල්ලා එයා එළවලා වැඩේ කරගෙන යන්නකෝ...
සිරිවර්ධන මහතාගේ අදහසට මමත් එකඟ වෙමි , මොහු ජනාධිපති වුණා නොව , රනිල් ,රාජිත , චම්පික රණවක සහ චන්ද්‍රික විසින් මොහුව උස්සගෙන ගොස් ජනපති පුටුවේ වාඩි කරවුවේය , උදාහරණයක් වශයෙන් කියනවනම් අපෝස /ස පෙළ පමණක් සමත් පුද්ගලයෙක් , විශ්වවිද්‍යාලයට යැවුවා වගෙය . කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ ෆොන්සේකාට ඔවුන් කලෙත් මෙවැනි වැඩකි චන්දෙ පැරදිලා ගෙදර හිටපු මේ මනුස්සය පාර්ලිමේන්තුවට පස්සේ දොරෙන් ගේනවා , ඊට පස්සේ දේශපාලන දැනුමක් නැති වැඩි දුර කල්පනා නොකරන කටට එන කියන මේ මනුස්සයා විසින් රණවිරුවකු ලෙසින් ගොඩ නගාගත් ප්‍රතිරූපය ක්‍රමයෙන් විනාශ කරගන්න ආකාරය පැත්තකට වෙලා බලන් ඉන්නවා.
රට පෙරට මහත්මයා හෝ මහත්මිය.., ඔබේ ප්‍රශ්නයට උත්තර රනිල්ට තිබෙන ප්‍රශ්නේ වැරදිලාවත් විශ්වාසභංගයක් ගෙනත් මෙය එල්ලවූවොත් කවුද ජනාධිපති අපේක්ෂකයා කරන්නේ? ඔහුගේ පැලැන්තියෙන් ඉදිරිපත් වෙන මිනිසුන්ට ජනතාව ඡන්දෙ නොදෙති. එජාපෙ ජනතාව ඡන්දෙ දෙන මිනිස්සු ඔහුගේ පැලැන්තියේ නොවේ.
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනාධිපති කෙනෙකු යටතේ ආණ්ඩුවක් පවත්වා ගෙන යාමම ලැජ්ජාවට කරුණක්. වහාම දෝෂාභියෝගයක් ගෙනැල්ලා ඔහුව එලවා දමන්න මනම්පිටිය පැත්තට..!
ඡන්ද 5000 ක් ගන්න බැරි කෙනෙක්නෙ මේ .
දේශපාලනේ කියන්නෙත් මාර අමුතුම දෙයක්, මේ මනුස්සයා හමුදාවේ ඉදන් රට වෙනුවෙන් පෙනී සිටිද්දී මුලු රටේම ජනතාව මෙයත් එක්ක එකට හිටගත්තා, මෙයාගේ තියන දුර්ගුණ සියල්ලම අමතක කරලා මෙයා වෙනුවෙන් පන්සල් වල පල්ලි වල යාතිකා කරා. ඒත් දැන් මිනිස්සු මෙයාගේ මුණ බලන්න කැමති නැහැ
හලෝ අකුල් හෙලන්න මේ අවුරුදු 4ට කළ වැඩ මොනවාද?