(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දිවයින පුරා හදිසි නීතිය පනවනු ලැබ තිබේ.

මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම,මහජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම හා සේවා පවත්වාගෙන යාමේ අරමුණින් මෙලෙස හදිසි නීතිය පනවා ඇත.

ඊයේ( 28) දින සිට ක්‍රියාත්මක වෙන පරිදි මෙලෙස හදිසි නීතිය පැනවූ බව ජනාධිපති ලේකම් සනත් නන්දිත කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ දැක්වේ.