(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව  මෙම ආඥාව නිකුත් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.