
(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පිහිටු වීමේ වැඩසටහන යටතේ මෙම වසරේදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි.
රජයේ “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.
ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ලෙස නම් කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතිය යටතේ මෙම මස 26,27,29 සහ ඔක්තෝබර් 02 යන දිනයන්හි දී ගාල්ල, රත්නපුර, කළුතර, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණයවන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පහක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.
සැප්තැම්බර් 26 වන දා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ, මාපලගම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර මාපලගම, තල්ගස්වල, ගෝනලගොඩ සහ ගෝනලගොඩ නැගෙනහිර යන ග්‍රාමනිලධාරී වසම්වල ජීවත්වන පන්දහසකට ආසන්න ජනතාවකට මෙමගින් සුව සේවාවන් සැපයෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් වලට ප්‍රතිකාර ගන්න යන අසරණයන්ට කඩා පනින සේවයන් කියලා ඉන්න යක්ෂයන්ට යක්ෂණියන්ට පිස්සු බලු බෙහෙත් නොදී තවත් මේ වගේ තැන් ඇති කිරීම රටටම බරක් බව මාළිමා ආණ්ඩුවට වැට හේවා!!
දැනටත් රජයේ රෝහල්වල උග්‍ර සේවක හිඟයක් තියෙනවා, ඔය අලුතෙන් හදන රෝහල් වලට කෝ සේවකයන්? රතු තරුවේ උන්ට පන්ති 5ක් කරලා සේවයට දානවද?
අපේ අසරණ ජනතාව ගැන හිතන ජනතාවාදී ආණ්ඩුවක්..! ජයෙන් ජයම වේවා..! ඔබට ස්තූතියි !
වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට ජාත්‍යන්තර තත්වයට ගැලපෙන වැටුපක් නොදී, රටේ රදවා ගැනීමට කටයුතු නොකර ජනතාවට දෙන සිගිති ආතල් විතරයි.
කරුණාකර තිබෙන රෝහල් වලට අවශ්‍ය බෙහෙත් ශල්‍ය උපකරණ වැනි දේවල් සම්පුර්ණ කරන්න , බොරුවට ගොඩනැගිලි හැදුවට වැඩක් නැහැ රෝහලේ බෙහෙත් නැතිනම් , කාර්යමණ්ඩල නැතිනම්