
(සුජිත් හේවාජුලිගේ)
අධ්‍යයන කටයුතු ඇතුළු විවිධ කාරණා සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් හත්සිය පස් දෙනෙකු බැඳුම්කර කඩකිරීම හේතුවෙන් අයකර ගත යුතු රුපියල් කෝටි 115 කට වැඩි මුදලක් මෙතෙක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ.
මෙම මුදල කඩිනමින් අය කර ගැනීමට අමාත්‍යාංශය ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නොතිබූ බවද එහි දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ විදේශගතවූ වෛද්‍යවරුන් 709 දෙනකු බැඳුම් කර කඩ කිරීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙනගත්තා වුවත් ජාතකේ හරියට නැතිකම මගහැරීම බෑ. ගෙවල්වලින් ශික්ෂණය නැතිකම පාපය. මේ අයගේ දෙමාපියන් හිඟන මානසිකත්වය ඇති අය බව නිසැකයි...
ඔවුන්ගේ නම් ගම් ප්‍රසිද්ධ කොට අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන්න. එතකොට දැනට ලංකාවේ ඉන්න අනාගතයේ රට පනින්න හිතන් ඉන්න අයත් අදහස වෙනස් කර ගනී...
රජයේ අධ්‍යාපනය නොමිලේ ලබාගෙන රජයේ දොස්තර රැකියාවෙන් වැඩිදුර අධ්‍යාපනයට බැඳුම්කරයකට අත්සන් කර එසේ ලබාගන්නා වැඩිදුර අධ්‍යාපනයෙන් වෙනත් රටක ඉහළ වැටුප් තල ලබාගෙන බැදුම්කර කඩ කර තිබේ නම් එම මුදල් වහාම බාගැනීමටත් ඔවුන්ගේ ශ්‍රී ලාංකේය සේවා ඉහළ යාමයි... පටිපාටිය මන්දගාමී කරවීමටත් තීන්දු ගතයුතුය. ශිෂ්‍යත්වයක් ලබා දෙන්නේ වැඩිදුර අධ්‍යාපනය ලබාදී රටට ඉහළ විශේෂඥතාවයක් සහ තාක්ෂණික දැනුමක් ලබා ගැනීමට මිසක් ඔවුන්ගේ ස්වාර්ථය හා සුඛ විහරණය සඳහා නොවේ. මේ දොස්තර වුනත් ජම්මයෙන් ලද පහත් ගුණාංගයක් වන හොරකම පමණි...