IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රටේ තැනින් තැන හෙට ටිකක් රත් වේ

පළාත් කීපයකට සහ දිසා රැසකට හෙට දිනයේ සිරුරට දැනෙන මට්ටමක උණුසුම් තත්වයක් හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ,ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැමි ස්ථානවලත් මිනිස් සිරුරට  දැනෙන උණුසුම හෙවත් ‘‘අවදානය‘‘ යෙමු කළ යුතු මට්ටමක පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුස්ම් දර්ශකය 39 - 45 අතර මට්ටමකට එන විට ‘‘අවදානම්‘‘ මට්ටමට පැමිණෙන අතර එවන් අවස්ථාවලදී වැඩි වේලාවක් අව්වේ නිරාවරණය සහ ක්‍රියාකාරි කටයුතුවල නියැලීම නිසා විජලනය, ලවන ඉවත්වීම නිසා  මස්පිඩු පෙරලීම වැනි  තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් වේ.

වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල  පමණක් විවේක ගැනීම,වැඩි හිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක පසු වීම, කුඩා දරුවන් වාහන තුළ දමා නොයෑම,අධික වෙහෙසකාරී  කටයුතු සීමා කිරීම,  සුදු හෝ ලා පැහැති ඇඳුම් පැළදීම කටයුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කරයි.

 



අදහස් (2)

රටේ තැනින් තැන හෙට ටිකක් රත් වේ

Kumara Thursday, 13 April 2023 11:16 PM

මැද මුලන ගිනි අරගෙන අවුවලාම පළ උන් එක්කෙම.

:       2       7

vijayanthi Sunday, 16 April 2023 05:45 AM

ගොඩක් රස්නෙයි අනේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site