
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (23) පැවැත්වීමට නියමිතය.
විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය විසිනි.
මේ සම්බන්ධයෙන් අප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑම, ඉන්ධන ප්‍රශ්නය ඇතුළු රටේ ආර්ථික සහ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
රටේ මෙපමණ ආර්ථික ප්‍රශ්න පවතිද්දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන කරුණු ඉදිරිපත් කිරීමට පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු පාර්ලිමේන්තුවට මේ දක්වා පැමිණ නැතැයිද ඔහු චෝදනා කළේය.
විවාදයේදී පළමු කතාව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පවත්වනු ලැබීමට නියමිතය.
මෙම විවාදය එදින පෙරවරු 11.00සිට සවස 5.30 දක්වා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි එහෙනම් හෙට විවාදෙන් පස්සේ රටේ බඩුමිල අඩුවෙලා සහන සැලසිලා ප්‍රශ්න නැතිවෙලා යනවා. අනේ මේ පප්පලා දෙගොල්ලන්ම එකතුවෙලා රට්ටුන්ගේම සල්ලි කාබාසිනියා කරලා දැන් ඔක්කොම සුදනෝ...!