
(අංජුල මහික වීරරත්න)
විවිධ හේතූන් මත මෙරට රාජ්‍ය සේවය අතහැර විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට නැවැත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එක්සත් රාජධානියේ සිදු කළ සංචාරය අතරතුර එරට මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ වෛද්‍යවරුන්ගේ හමුවක් අමතමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත්, එබැවින් මෙරටින් බිහි වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව මේ අවස්ථාවේ රටට අත්‍යාවශ්‍ය බවත් අවධාරණය කළේය.
විශේෂයෙන්ම පවතින ආර්ථික හා සමාජ වටපිටාව තුළ විශේෂඥ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බව සඳහන් කළ අමාත්‍යවරයා එබැවින් මෙරටින් බිහි වු විශේෂඥ වෛද්‍යවරුන්ට මේ අවස්ථාවේ සිය සේවාව මව්රට වෙනුවෙන් කරන්නට යුතුකමක් පවතින බව සඳහන් කළේය
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා විවිධ හේතුන් මත පසුගිය කාලයේ විදේශගත වු ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් සියලු සේවා පහසුකම් සහිතව නැවත ඔවුන් අදාළ ශ්‍රේණිවලම පිහිටු වීමට කටයුතු කරන බවත් ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ක්‍රියාකරන බව ද පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) ආරාධනයෙන් එක්සත් රාජධානියේ පසුගිය දා කළ සංචාරය අතරතුර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම වෛද්‍ය හමුව සංවිධානය කරනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට සියලු සේවා පහසුකම් හෝ ශ්‍රේණි වැදගත් නැහැ... රජයෙන් කප්පම් තමයි බලාපොරොත්තු වෙන්නේ...අසරණ රෝගීන්ගෙන් මුදල් ගසාකන දොස්තරලාට ඒ ගන්න මුදල් වගතුවක් නම් වෙන්න එපා කියලයි මම නම් ශාප කරන්නේ..ලෝකේ කොහෙවත් නැහැ, මේ වගේ මුදල් වලට කෑදර අමනුස්ස වෛද්‍යවරු...
මේවා කතා විතරයි. කිසිම උපදේශයක් අමාත්‍යාංශය ට දෙන්නේ නෑ. එක අය අනාතවීම පමණයි වෙන්නේ
එතකොට ඒ ආකාරයට විදෙස් ගතවී ආපසු පැමිණි හෙදියන්ටත් ඒ අවස්ථාව දෙන්න බැරිද?
අනෙ මේ බයිලා ගහන්නේ නැතිව ඉන්න. වෛද්‍යවරුන්ට තිබුණු පහසුකම් ටිකත් මේ ආණ්ඩුව ආවාට පස්සේ කැපුවා. වහලුන් වගේ වැඩ ගන්නවා. ඒ මිනිස්සු එතැනට ආවේ අවු 20ක්25ක් කැප කරලා එයට නිසි වටිනාකමක් දෙන්නේ නැති නිසා තමයි වෛද්‍යවරුන්ගේ වටිනාකම දන්න රටවලට යන්නේ. පුළුවන් නම් රට ඉදන් ලංකාව හඳන ඩෝබි වෛද්‍යවරු ටික ගෙන්වා ගන්න.
ඔය වෛද්‍යවරු ගෙන්වාගන්න නම් ආණ්ඩුව ආපහු වාහන බලපත්‍ර දීම ආදී පහසුකම් දිය යුතුයි, මොකද ලංකාවට වඩා කිහිප ගුණයක් උසස් ජීවන තත්වයක් ලැබී තිබියදී ලංකාවට ආපහු එන්න ඔවුන්ට අමාරුවක් නැහැ. ජවිපෙ ආණ්ඩුව හැදුවා කියලා ඔය දියුණු රටවල ඉන්න හාඩ්කෝ ජෙප්පන් ලංකාවට ආවාද?
තවත් පචයක්.... ඇත්ත දැනගන්න ලැබෙන්නේ ආවාට පසුවයි...
හැමදාම මේ ගොල්ලගෙ ගෙම්බර් බලන්න වෙලා තිබෙන්නේ රටේ දොස්තරලා අඩු නිසා, ආණ්ඩුවට සල්ලි නැතිනම් ප්‍රමිතියකින් යුතු පුද්ගලික වෛද්‍ය විද්‍යාල රටේ ඇතිකර වසරකට දොස්තරලා 2000 වත් එලියට දමන්න කටයුතු සලසන්න ඕනේ, එහෙම කලොත් වසර10 පමණ යනකොට මේ දොස්තර ප්‍රශ්නේ නිරාකරණය කරගන්න පුළුවන් වේවි, රජයේ මුදල් වියදම් කර විදේශ රටවල වැඩි දුර ඉගෙන ගෙන නැවත සේවයට නොඑන දොස්තරලට විරුද්ධව පොදු දේපල පනත යටතේ නඩු දමන්න ඕනේ, මේ ගොල්ලන් හුරතල් කරලා හරියන්නේ නැහැ.
සයීටමි එක වහපු එකේ පර්තිපල මේ අයටම බුක්ති විදීමට සිදුවිය....පරන කරපු වැරදි....
ශ්‍රේණිය නෙමේ හොඳ 2X2 පොලු පාරවල් ටිකක් දෙන්න ඕනේ