
(නිමල කොඩිතුවක්කු)
රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම උදෙසා තව තවත් නිදහස් අරගල සහ සටන් අවශ්‍යව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද(04)පැවසීය.
එදා දිනාගත් නිදහස පූර්ණ වශයෙන් භුක්ති විදින්නට හැකියාව ලැබී තිබෙනවා දැයි යන්න විමසා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේය.
කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ සංවිධානය කොට තිබූ 74 වන නිදහස් දින සමරුවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනායක අග්ගමහාපණ්ඩිත ත්‍රිපිටකාචාර්ය මකුලෑවේ ශ්‍රී විමලාභිනන්දන නාහිමිපාණන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ඇතිව මෙය සංවිධානය කර තිබිණ.
දේශයට නිදහස ලබා ගැනීම උදෙසා කැපවූ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතා ප්‍රමුඛ ජාතික විරුවන් සිහි කිරීමට ද එහිදී කටයුතු කෙරිණ.
විපක්ෂ නායකවරයා ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් උත්තමාචාරය සහ උපහාරය පුද කරන ලදි.
1948 පෙබරවාරි 04 වන දින ප්‍රථම නිදහස් සමරුවේදී කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම භූමියේ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතා විසින් අඹ පැලයක් සිටුවමින් නිදහස සංකේතවත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම උදෙසා තව තවත් නිදහස් අරගල සහ සටන් අවශ්‍යව නැත. අවශ්‍යවන්නේ පාර්ලිමේන්තුවේ සිටින 225 ඉවත් කිරීම පමණි.
මේ ඉන්නේ පුතාණෝ නේද? කූරගල පන්සලේ ලයිට් කැපුවේ මෙයා තමයි... දැන් පිරිත් නූල් බඳිනවා. අනේද කියන්නේ...?
නිදහස් සටන් කරපු අයට ඇහෙන්න එහෙම කියන එපා.. අනේ අම්මෝ ලංකාවේ දේශපාලුවන් කරන නිදහස් සටන්... මෙච්චර කල් කරපු නිදහස් සටන් වල තත්වේ තමා දැන් භුක්ති විඳින්නේ..
අපේ හාමුදුරුවනේ, අප නම් තරයේ විශ්වාස කරන්නේ "මේ 226ම සිය ඥාතින් හැත්ත සමගම රටින් පිටුවහල් කිරීම" නිදහස් අරගලයේ පළමු පියවර ලෙසද, දෙවන පියවර වනුයේ සැමවිටම බෑ.. බැහැ කියාගත්ත ගමන්ම ඉන්න මලපෙරේත ඉහළ නිලධාරින් කියන සියල්ලම සේවයෙන් පන්නා දමා පළමුව තම සේවය සහ දෙවනුම ඉල්ලීම් ඉල්ලන මිනිසුන් සේවයට බඳවා ගැනීමයි...
රටේ ඉතිරි ටිකත් ඉවර කරන්නයි හදන්නේ...
"රට ගොඩ ගන්න වලිකන මිනිස්සුන්ගෙන්" රට ගොඩගන්න තව නිදහස් සටන් ගොඩක් කරන්න වෙයි. ඒත් වැඩක් වෙයිද කියන්න නම් බැහැ.