
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට අද (2) උපදෙස් දුන්නේය.
මේ අනුව එලෙස බාධා ඇති වීමට තුඩු දුන් චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එම කාර්යාලය පවසන අන්දමට මෙම විවිධ සීමා පැනවී තිබුණේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු 2021 අංක 18 දරණ චක්‍රලේඛයෙනි.
අගමැතිවරයා මෙලෙස උපදෙස් දුන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී අද (2) පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කුලියට කසාඳ බඳිනඑක සාමාන්‍ය දෙයක් වෙයි.
කොහොම හරි උත්සාහ කරලා විදේශිකයෙකුව විවාහ කරගන්න උත්සාහ කරන්න. මේ ලංකාවේ වසලයින්ව බැඳලා වගතුවක් වෙන්නේ නැහැ කවදාවත්...
ලංකාවට ඩොලර් ගෙන්න ගන්න තව උප්පරවැට්ටියක්