IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


රටේ ආර්ථිකය සුවපත් වෙමින් පවතිනවා

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න.)

ආර්ථිකය ක්‍රමානුකූලව යහපත් අතට පත්වෙමින් තිබෙන හෙයින් ජනතාවට ඉදිරියේදීත් වැඩි පහසුකම් සැපයීමට ඇප කැප වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ 2024 වර්ෂය සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරමිනි.

රටේ ආර්ථිකය සුවපත් වෙමින් පවතින බව පැවසූ ජනාධිපතිවරයා රටේ උද්ධමනය අඩුකරගෙන ඇතැයිද සඳහන් කළේය.

 

----------------------------------------

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

78 වැනි අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම ඇරැඹීය.

----------------------------------------

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2024 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ දෙවැනි වරටයි.

ඊට අමතරම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ සැණින් අතුරු අයවැයක් ද ඉදිරිපත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දහවල් 12 ට අයවැය ඉදිරිපත් කරයි.

 



අදහස් (18)

රටේ ආර්ථිකය සුවපත් වෙමින් පවතිනවා

අරවින්ද මොනරවිල Monday, 13 November 2023 11:50 AM

ජනතාවට නම් සහනයක් නැතුව ඇති, පළමුවත් බදු දෙවනුවත් බදු තෙවනුවත් බදු කියන ප්‍රතිපත්ති තමයි අනුගමනය කරන්නේ. තමන්ගේ පැලැන්තිය වන දූෂිත දේශපාලුවන්ටයි ගජ මිතුරු හොර ව්‍යාපාරික කල්ලියටයි ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියෙත් සහන සලස්වයි.

:       8       62

fairoos Monday, 13 November 2023 12:23 PM

රට හොරාකාලා මොන අවයැයද? මේ සෙට් එකම තොලොංචි වෙලා යන්න ඕනේ...!

:       9       49

Kazi Shajahan Monday, 13 November 2023 12:24 PM

හැම බජට් එකකින්ම වුණේ රට තවතවත් පල්ලමකටම යන එක විතරයි. මේකත් ඔය වගේම තමයි. එකක් පෙන්වනවා. ඊට පස්සේ වෙන දේවල් කරනවා.

:       4       44

Perera Monday, 13 November 2023 12:35 PM

මෙයා අයවැය ගැන දන්න දෙයක් නෑ. මිනිස්සුන්ට කෙළින්න තමයි දන්නේ...

:       5       44

බුද්දික Monday, 13 November 2023 12:35 PM

මේවා බලන් ඉන්න, අපිම තමයි මේ සිස්ටම් එක හැදුවේ. මම ලොවෙත් දෙන්නේ මාලිමාවට, වෙන මොනවටවත් නෙමේ මොවුන් හිරේයනවා බලන්න. දෙන්න ඡන්දය හරියට මේ පාරවත්...

:       12       50

මරිසිපාල Tuesday, 14 November 2023 11:16 AM

බුද්ධික කිව්වට වඩා මුලට අකුරු තුනක් සමග තිබුනා නම් ඉතාමත් හොද.යි මොකද කියනවානම් මෙවර අයවැය සකසා තියෙන්නෙ ආර්ථික අහේනියක් තියෙන වෙලාවක කියමුකෝ .ඉතින් වෙනදා නම් පඩියක් වැඩිකලොත් පස්සෙ මාසයේ නැත්නම් ජනවාරියේ දෙනවා මෙවර දෙන්නෙ මෝඩයාගේ දවසේ සිට තමයි කොහොම වුනත් 2024 වර්ෂයේ මැතිවරණ දෙකක් නැත්නම් එකක් තියෙනවා ආදායම් ඉපැයීම් නැතුව වැටුප් ගෙවන්න බැහැ මෙයින් පේනවා රනිල් ජනාධිපති තනතුර සදහා ඉදිරිපත් නොවෙයි කියලා ඊළඟට බුද්ධිමත් බුද්ධිකලා කොම්පාසුව රජ කලාම රටේ ආර්ථිකයට වෙන්නෙ මොකක්ද හිතාගන්න බැහැ සමහර විට ඔය එල්ලලා දුන්නු දීමනාත් දෙන්න බැරුව ගියාම කොම්පාසුව දකුණු කටුව වෙන්නත් පුළුවන් ආර්ථිකයේ සංවර්ධන කටයුතු කිසිවක් නැතුව සහනාධාර දෙමින් රට හදන්න බැහැ

:       1       0

Hafeel Monday, 13 November 2023 02:16 PM

ඒ නිසාමද විදුලි බිල නැවත නැවත වැඩි කලේ? තෙල් මිලත් වැඩි කළා. ගෑස් මිලත් වැඩි කළා. අයි බදු වැඩි කරන්න යනවා. මේ ගොන් කතා ඔයාගේ 133 පමණයි විශ්වාස කරන්නේ. ඡන්දයක් තියලා බලන්න කෝ? ඔයාගේ ආර්ථිකය සුවපතේ ප්‍රතිඵල දැනගන්න පුළුවන්...

:       4       34

Silva Monday, 13 November 2023 02:21 PM

බයිලා අහලාම එපාවෙලා...!

:       4       32

pakeer Monday, 13 November 2023 03:07 PM

සාමාන්‍ය ජනතාව වශයෙන් දැන්වත් තේරුම් ගන්න ඕනෑ මොවුන් පිස්සන් කියලා... නැතිනම් ලැජ්ජාවක් නම් මේවා කියයිද? වැඩේ කියන්නේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැති එක... ඔවුන් මොනවා කරත් මුට්ටිය අල්ලන්නේම ඒ අයට...!

:       4       19

Lal Gomis Monday, 13 November 2023 03:24 PM

මිනිස්සු, ගැහැණු කියලා හිතාගෙන වෙන්න ඇති මෙහෙම කියන්නේ... මාලිමාවට ජයවේවා...!

:       6       337

ගමේ එකාලා Monday, 13 November 2023 05:32 PM

රටේ ආර්තිකය සුවපත් කරන්ඩ තිබුනා රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් ,මහ බැන්කු හොරාකාපු උන්ට දණ්ඩුවම් දුන්නානම් .හොරාකාපුවා අයකරගන්ඩ ක්‍රමයක් හැදුවනම් ?

:       0       0

ruwan Monday, 13 November 2023 06:44 PM

මාලිමාවට ජයවේවා... පූට්ටු ආණ්ඩුවේ බේගල් බජට්... ඡන්දයක් තියලා බලන්න අපි අනුමත කරලා දෙන්නම් ලස්සනට...!

:       0       0

chandima Tuesday, 14 November 2023 02:40 AM

සුවපත් වෙලා කියන්නේ චන්දෙට කලින් ගෝලයින්ට ඩියුටි ෆ්‍රී කාර් ගේන්න දෙන්න පුළුවන් වෙයි වගේ නේද ?එහෙම නැතිනම් චන්දෙට කලින් චන්ද වැඩ වලට වියදම් කරන්න ගානක් හොයාගන්න විමද්‍යගත අරමුදල් කියලා මන්ත්‍රීලට බෙදන්න පුළුවනිද ?

:       0       0

cnadima Tuesday, 14 November 2023 02:42 AM

යකෝ ජෝතිපාලට බයිලා චක්‍රවර්තී කිව්වට දැන් බලපුවහම මූනේ චක්‍රවර්තී ?

:       0       0

athula Tuesday, 14 November 2023 02:48 AM

මාරයි නේද රාලහාමි ?මේ යන විදියට ලෝක නායකයෝ මෙයා එද්දී ඔලුවෙන් හිටගෙන ඉඳීවි නේද ?මාර වැඩ්ඩෙක් නේ ?

:       0       0

chandima Tuesday, 14 November 2023 03:08 AM

මීපැණි වගේ වචන දාලා බයිලා පාරක් අපේ ආර්ථිකේ විකුනලා මරනකල් ජාම බේරගන්න වගේ යන්නේ ?පින් පිනාට මේවා කරන්න ජනතාව බලයක් දීලා නැහැ

:       0       0

වර්ණසින්හ Tuesday, 14 November 2023 06:11 AM

වැටුප් සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙන් කල මුදලින් ඉන්ධන සහ විදුලිය බදු අඩු කලේ නම් ඇත්තටම රට සුවපත් වේවී.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 14 November 2023 09:31 AM

ජනවාරි ඉඳල තෙල් සහ ගල් අඟුරු සඳහා 10% ක වැට් බද්දක් පනවන ලදී මෙය අය වැයට පෙර ප්‍රකාශ කර ඇත. එබැවින් අය වැය කතාව යනු කතා මල්ලක් මිස කෙරෙන එකක් නොවේ.පූර්ව ගැසට් මගින් නියම අයවැය එලිදක්වනු ලැබ ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 519 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 602 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 165 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 916 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2492 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 382 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2005 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site