
(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඉවත් කොට ස්ථීර උපකුලපතිවරයකු පත්කරන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩවර්ජනයට දින 14 ක් ගත වුවද උපකුලපතිවරයකු පත් කිරීමට රජය මෙතෙක් පියවරක් ගෙන නැතැයි බව රජරට විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පවසයි.
රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු, පර්යේෂණ කටයුතු, පුහුණුවීම් කටයුතු , විභාග කටයුතු සියල්ලම ඇන හිටිමේ හේතුවෙන් සිසුන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
පසුගිය 04 වෙනිදා අධ්‍යාපන ඇමතිවරියත් සමග ඉසුරුපායේ පැවති සාකච්ඡාවේදී මෙය ඉතා ඉක්මනින් විසඳන බවට අධ්‍යාපන ඇමතිවරිය පොරොන්දුවක් දුන්නද මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලැබී නොමැති බව ද මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ කරලා තියෙනවා නම් නඩු දාන්න. වර්ජනය කියලා ඉන්නේ නැතිව. ළමයින්ගේ අනාගතය විනාශ වෙනවා.
ඕකට විසදුම පුද්ගලික විශ්ව විද්‍යාල , ඒවාට අපේ බදු සල්ලි වියදම් වෙන්නෙත් නැහැ , වර්ජන කරනෙත් නැහැ , ඉගෙන ගන්නේ එකෙක් සල්ලි දීල ඉගෙන ගනීවි
මේ අයතන එංගලන්තයේ harrioywatt විශ්වවිද්‍යාලයට භාර දුන්නොත්, ප්‍රශ්න විසඳෙනවා , හොඳ පහසුකම්, උසස් ලෝකයම පිළිගත් උපාධි ගන්න පුළුවන්.