(අතුල බණ්ඩාර)

මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ  තවත් සිසු සිසුවියන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.

එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ සිසු සිසුවියන් 32කු අතර සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් මෙම රෝගීන් හමුවී ඇත.

ඒ අනුව දින හතරක් තුළ  එම විශ්ව විද්‍යාලයෙන් සිසුන් අට දෙනකු හඳුනාගත් බව ද සෞඛ්‍ය අංශ පවසයි.