











(ළහිරු හර්ෂණ)
ලෝක ළමා දිනය නිමිත්තෙන් 19 වැනි වරටත් සංවිධානය කරන ලද රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ ජයග්‍රහණය ලැබූ දරු දැරියන් හට සහතික පත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් අද (1) පැවැත්විණ.
රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සංවිධානය කර තිබුණි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක, සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ (වැඩබලන) තරණි අනෝජා ගමගේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බොරු සෝබන නැතුව වැඩක් නැහැ.