(ළහිරු හර්ෂණ)

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම සඳහා වු චක්‍රලේඛය අවලංගු කරමින් සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැදවීම අද(03) සිට ආරම්භ කෙරිණි.

ඒ අනුව ගර්භනී කාන්තාවන් හා අබාද තත්වයෙන් පෙලෙන නිළදාරීන්ද සේවයට පැමිණෙන ආකාරය බත්තරමුල්ල ඉසුරුපායේදී දක්නට ලැබිණි.