
(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වසංගත තත්ත්වය යළි වර්ධනයවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.
ඒ අනුව කාර්ය මණ්ඩල සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛයක් හෙට (27) දිනයේදී නිකුත් කරන බව ලේකම්වරයා කියයි.
කොවිඩ් පළමු රැල්ල සමයේදී මෙන් රාජ්‍ය ආයතන වෙතට ගෙන්වා ගන්නා කාර්ය මණ්ඩල සීමා කිරීම, කාර්යාල වෙත නොපැමිණෙන සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරදීම මෙම චක්‍රලේඛය මගින් අවසර ලබාදෙන බව ද රත්නසිරි මහතා සඳහන් කළේය. නව කොවිඩ් තත්ත්වය හමුවේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ තවත් නිර්දේශ ගණනාවක් මෙම චක්‍රලේඛයට ඇතුළත් කරන බව ද ලේකම්වරයා කීවේය.
සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි, නව වසංගත තත්ත්වයට මුහුණදීමේ අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත් කරන බව ජේ.ජේ රත්නසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් වැසීම ගැන ගුරු විදුහල්පතිවරු කතා කරපු ගමන් මිනිස්සු යක්ෂාවේෂ වෙනවා... ගුරු විදුහල්පතිවරුන්ට නිවාඩු ඕනෑවෙලා කියලා. වැඩිහිටියන්වත් සෞඛ්‍ය පුරුදු නොසලකා හැසිරෙන බව පැහැදිලිව පෙනෙද්දී පාසල් ආරක්ෂිතයි කියන තර්කය හාස්‍ය ජනකයි. ඇත්ත තත්ත්වය දරුවන්ගේ දුරස්ථභාවය සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පාසලක් තුළ පවත්වාගෙන යාම අතිශය අසීරු බවයි. නමුත් දෙමව්පියන් තම දරුවාට කෝවිඩ් හැදෙනතුරු මෙය පිළිගන්නේ නෑ. පාසල් වහන්නේ නැත්තේ ඇයි කියලා ඔබට හිතෙන්න නම් ඔබේ දරුවාට කෝවිඩ් හැදෙන්නම ඕනෑ...
පුද්ගලික අංශ ගැන නම් කතාකරලා වැඩක් නෑ ඉතින්.. ඒවගේ වැඩ කරන මිනිස්සුන්ට කොරෝනා හැදෙන්නේ නෑ වගේ තමයි... ඒවගේ ලොක්කන් හිතන් ඉන්නේ... බහුතරයක් ඒ වගේ තත්වය මේක තමයි..