
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයට අළුතින් බඳවා ගන්නා 72,000ක පිරිසෙන් 9000ක් බඳවා ගැනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම පිරිසෙන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇති බව කී අමාත්‍යවරයා පසුගිය මාස 6 තුළ හෙද සේවයට 4,141 ක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ආයුර්වේද වෛද්‍යවරුන් 303 දෙනෙකුට අද(3) පත්වීම් ප්‍රදානය කරමිනි.
මෙම නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ සිදු කෙරිණි.
මෙහිදී අමාත්‍යවරයා කීවේ පසුගිය වසර වල විවිධ අකාරයට එක් එක් අවශ්‍යතාවයන් මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කිරීම හේතුවෙන් රාජ්‍ය සේවක ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාලව තිබූ බවයි. වත්මන් රජය රාජ්‍ය සේවයට බඳවා ගැනීම් විධිමත් කිරීමට ක්‍රමවේදයක් සකස් කළ බවද අමාත්‍යවරයා කීය.


2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය සේවා පත්වීම් වල වැඩි පංගුවක් සෞඛ්‍යට