(සුජිත් හේවාජුලිගේ )
රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් යවමින් උපදෙස්දී ඇත.
එසේම අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා ඉන්ධන භාවිතා නොකරන ලෙසටද ඔහු දැනුම්දී ඇත.
මේ අතර රජයේ වාහන භාවිතා කරන ප්‍රධානීන් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීම සීමා කිරීමටද අමාත්‍යංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉන්ධන භාවිතය අඩු කිරීමත් ඉන්ධන සඳහා වැයවන වියදම අඩුකර ගැනීමත් අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
රජයේ ආයතනවල නිලධාරීන් රජයේ වාහනවලින් කොළඹ රැස්වීම්වලට කැඳවීම වෙනුවට එම රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටද ඉදිරියේදී කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බේබිලා ඉස්කෝලෙ ගෙනියන්න, නොනට ෂොපින් යන්න එහෙමත් වලංගුද?
සේවකයාට වහන පර්මිට් එකක් දීලා ඒකෙන් ගන්න වාහනේ එම ආයතනයටම කුලී පදනම මත අරගෙන අයිතිකාර මහත්තයාටම වැඩට එන්න දෙන සුපිරි රටක් මේක. සේවක සංගම්වල එකෙක් මේ ගැන මීක් නැහැ. සුසිල් ප්‍රේමජයන්තට වාහන පර්මිට් බර ගාණක් දීලා තියෙන අවස්ථාවක ඇමැතිකම දාලා යනකොට “ආමාත්‍යාංශ වාහනෙන් ඇවිත් ඒක බාරදීලා ත්‍රි වීල් එකෙන්” යනවා කිව්වේ රෙදි ඇදගෙනද?
කොන්දේසි කොලේ තියෙයි, රැළ පුරුදු විදියට තම ගමනයයි...
ඕක විමලයටයි, එයාගේ පවුලේ අයටයි වලංගුද ආයුබොවන්..?
එහෙම කොහොමද? අපේ ගෑණු ලුණු 100gක්, තේ කොළ 50gක්, සීනි 250g ක් වගේ වටිනා කියන දේවල් ගන්න යන්න කියන්නේ පයින්ද? අපිට ඔය නීති අදාළ නැහැ. එහෙම වුණොත් අපිත් පාරට බහිනවා. මීට මහජන මුලින්ම හැම රෙද්දක්ම කරන රජයේ ලොක්කන්ගේ සංසදය...
කරුණාකර සෑම වාහනයක්ම සජීවි විදිහට පටිගතවන කැමරා සවිකරන්න. ඕන පොඩි කෙනෙකුට තේරෙනවා කරන්න පුළුවන් විදිහ. ඉල්ලීම් කරකර ඕවා කළේ දැනට අවුරුදු 3 කට විතර කළින්.. රියදුරුගේ හැකියාව වාහනය පදවන විදිහ පවා දැනගන්න පුළුවන්...!
කොළඹට බස්එකෙන්, කෝච්චියෙන් එන්න බැරිද?
225ට ඉන්ධන දීමනා දෙන්නයි, ඒකේ පාඩුව අහිංසක උන්ට පටවන්නයිද? උගත්, බුද්ධිමත් වුනේ...!
එසේම හමුදා පුද්ගලික වාහනද යම් පාලනයකට ලක්කළ යුතුයි.. කොළඹ පාසලක් ළඟ බැලුවොත් හමුදා වාහන විශාල ගණනක් ඇත.
ඕවා චක්‍රලේඛ වලට සීමා වුණු ජනතාව පිනවන්න කරන බොරු නාටක විතරයි.
ඔය කොන්දේසි දැම්මට ඕවා හරියටම පිළපදින අය අපේ රටේ නැහැ. එක රටක එක නීතියක් කිව්වෙත් ඔහොමනේ...!
ලේකම්තුමනි, පළමුව එය සිදුකළ යුත්තේ ජනපති, අගමැති, ඇමැති සහ මන්ත්‍රීවරුන්ගෙනි...
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ නම් හැමදිනම වගේ මුදල් අමාත්‍යාංශය සඳහන් රතු ප්‍රාඩෝ එකක් රෑ වෙනකන්ම බඩුගන්න එනවා...
අපේ ලොකු ලොක්කන්ට මොලේ පෑදෙන්නේ හුඟක් පරක්කු වෙලයි. ඔක්කොම ටියුබ් ලයිට්...
අර පාර්ලිමේන්තුවේ ඉන්න ගම් කබරයින්ගේ බැකප් වාහන ටික නවත්තන්නකෝ මෙතැන බයිලා කියන්නේ නැතිව... ඔවුන්ගේ අති සුඛෝපභෝගි වාහන වැඩකරන්නේ ලීටරයට කිලෝමීටර 4 යි. ඒවා සහගහන අපරාධ නෙමෙයි නේද?