
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම වෙනුවට ඒ ව්‍යාපාර නිසි ලෙස කළමනාකරණය කර ලාබ ලබන තත්ත්වයට පත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මුලින්ම කියමන් දෙකක් උපුටා දක්වන්න කැමතියි.වස්කා නම් බලලා ඇහුම්කන් දෙයි.එහෙත් දිගටම කාගෙන යයි කියා එක කියමනක් තියෙනවා.බොරුවට නිදාගෙන ඉන්න අය නැගිට්ටුවන එක අමාරුයි.ඒකට උත්සාහ කරන්න එපා කියා තවත් කියමනක් තියෙනවා.ආණ්ඩුව බදු ගහලා භාණ්ඩාගාරේ උතුරන්න ආදායම එකතු කරගෙන තියෙනවා,හැබැයි ඒක ජනතාවට බෙදලා දෙන්නේ නැහැ කියලා විපක්ෂයේ චෝදනාවක් තියෙනවා. මන්ත්‍රීවරුන්ට වාහන ගන්නවා යැයි තවත් චෝදනාවක් තියෙනවා.වෘත්තිකයන්ගේ වාහන පර්මිට් නවත්තලා ජවිපෙ කාඩර්වරුන්ට වාහන අරන් දෙන්න යනවා යැයි පාර්ලිමේන්තුවෙන් එළියට විසිවෙච්ච කෙනෙක් පවසා තිබුණා.2027 දේපොළ බද්දක් එන්න නියමිතයැයි තව චෝදනාවක් නගා තිබුණා.ඒ චෝදනා බලන විට පෙනෙන්නේ විපක්ෂයට අයවැයේ අරමුණු දිශානතිය ගැන කතා කරන්න දෙයක් නෑ යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිපුරම ඔය කියන ආයතනවල ඉන්න බුලත් කොටන ආච්චිලා සියලා... මොන දේ කළත් කොටලා තමයි කන්නේ
ඔයයි ඔයාගේ ඩබල් ගේම් නායකයායි කියන්නේ දෙකක්, එයාට අනුව නම් පාඩු ලබන ඒවා විකුණාලා දාන්න ඕනා එහෙම නැත්නම් වහලා දාන්න ඕනා. නමුත් එයා ලංකා එකට ඒ දෙකෙන් එකක් වත් කරන්නේ නැහැ, ඒකට මහජන මුදල් බිලියන ගණන් පොම්ප කරන්න ලැහැස්තියි ! මොකක්ද ඒකේ රහස ? පුතාගේ රස්සාව නැති කරන්න කැමති නැති නිසාද ? ඔය අය වැයේ අරමුණ නම් මම සහ මගේ පක්ෂය ගොඩ ගැනීමයි. මොකද මේ යන විදියට ඊළග පාර නම් එන්න වෙන්නේ නැහැ කියලා විශ්වාස ඇති.
හරියට හරි ඕක "බිග් කුච්චන් "එකක් නොවේ... වැට් බදු, තීරුබදු ඇතුළු බදු කන්දරාවක් ජනතාවට ගහලා එකතු කරපු සල්ලි තිබෙනවා භාණ්ඩාගාරේ එකෙන් පුළුවන් අර ශ්‍රී ලන්කන් එකේ කොරා වගේ අනෙක් රජයේ වියාපාරවල පාඩුවත් පියවල දමන්න. රජයේ වියාපාර තිබෙන කොට පුළුවන් පක්ෂෙට පෝස්ටර් ගහපු ගෝලයින්ට රැකියා දෙන්න. පොඩි අතයට බිස්නස් එකක්... කොමිස් පාරක් ගහන්න. නිශාන්ත වික්‍රමසිංහට පමණද ලක්ෂ 50 ඔරලෝසු බදින්න පුළුවන් අපේ අයොන්ට අකැපද? ඔහොම යමු. ලබන අවුරුද්දෙත් ඔය කතාවම කියමු.
ඕක " බිග් කුච්චන් " එකක් නෙමේ, පාඩු පියවන්නේ ජනතාවගේ සල්ලි වලින්, ඔන්න ඔහේ කරලා බලමු. වැඩේ හරි ගියොත් උඩ පැන පැන වේදිකාවල කියන්න පුළුවන්... බැරි වුනොත් සද්ද නොකර ඉදිමු.
වස්කා නම් බළලා? මීට වඩා හොඳ සිංහල උපහැරණ නැත්ද? මේ ඇමතිලාගේ කතා ඇහුවම තේරෙනවා පරණ හණමිටි සමාජවාදේ කරේ තියාගෙන යන ගරාවටිලා පස් වෙලා ගිය සෝවියට් හීනේ එල්ලිලා ඉන්න මෝඩ හැත්තක් කියලා. සීනි වලට අලෙවි ජාලයක් හදනවා කියනකොට සාමාන්‍ය බුලත් විටි කඩයක් කරපු මිනිහෙකුටත් මේක ළදරු අදහසක් කියලා තේරෙනවා, එත් ආර්ථික විද්‍යා උපාධියක් තියෙනවා කියන ඇමතිට තේරෙන්නේ නැහැ! රටට දෙවියන්ගේම පිහිට තමයි.