වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් එළඹෙන බදාදා(02) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අලුතින් පත්කරනු ලැබූ කැබිනට් මණ්ඩලයේ අනු කමිටුව විසින් වැටුප් ගැටලුවට විසඳුමක් ලබානොදුනහොත් මෙම ක්‍රියාමාර්ගයට යන බව එම සංගමය වැඩිදුරටත් කියාසිටී.
පසුගිය සතියේදී මෙම අනුකමිටුවට පත්කරන ලද පිරිස අතර, අමාත්‍ය මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුද වෙති.
මෙම වැටුප් ගැටලුවට වසර 2ක් තිස්සේ විසඳුම් ලබාදී නොමැති බව ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
මෑතකදී ආපදාවට ලක්වූ පිරිස සහ රෝගීන් සම්බන්ධයෙන් සලකා මේවනතුරු වර්ජනය ආරම්භ නොකළ බව ද එම නිලධාරීහු පැවැසූහ.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පෝ මේ අයට වඩා ප්රභාකරන් හොඳයි. වසලයෝ...!!
ඔයා පළිගන්න හදන්නේ අහිංසක ලෙඩුන්ගෙන් සහ රාජිතගෙන්.. ලෙඩ්ඩු අතරමං වෙනවා.. රාජිත සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්නවා. අසරණ අපි අනාථයි.
මෙයාලා කියන දේ හරියට ආණ්ඩුව අහන්නේ නැතිව හිතුමනාපේ කටයුතු කරනවා. අල්ලසක් විදියට නීතිපති දෙපාර්තමේන්තුවට දුන් වැටුප් වැඩිවීම නිසයි මේ අවුල් ඔක්කොම...
ලෙඩ්ඩුන්ට බේත් ගන්න එන කොට බෝතල් වල අමතරව පොලු අරන් එන්න කියන්න ඕනේ
වැඩ කරනවාට වඩා වර්ජනය කරනවා වගේ? නොමිලේ ඉගෙනගෙන සැපසේ ඉන්නා මේ අය ඔය විදියටම පුද්ගලික වෙදකමත් වර්ජනය කරනවාද? අහිංසක ලෙඩුන්ට කාගේ පිහිටක්ද? පිටරටවල වගේ සියලු උසස් අධ්‍යාපන වියදම් සියල්ල බැංකුවලින් දෙන ණයක් ලෙස බැඳුම්කර වලට යටත්ව ලබාදුන්නානම් ඔය සියලු වර්ජන නවතීවි. ලබාදෙන ණය තම ජිවිත කාලය තුල ගෙවීම අනිවාර්යයි. එම ණය ගෙවී ඉවරවෙනතුරු වෙනින් කිසිම ණයක් ලබා ගත නොහැක .
මෙයාලට තියන වැටුප් ගැටලුව මොකක්ද? රජයෙන් විතරක් මාසෙකට ලක්ෂ දෙකකටත් වඩා වැඩි පඩියකුත් අරගෙන ලැජ්ජා නැත්ද තවත් ඉල්ලන්න. එහෙම බලද්දි අනෙක් රජයේ සේවකයින්ට මොන තරම් බරපතල වැටුප් ගැටලු තියෙන්න ඕනද?