
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ ආයෝජනයකට පැමිණි ජපානයේ ආයෝජකයන් පිරිසකට ඉහළ පෙළේ නිලධාරියකු සාකච්ඡාවකට අවස්ථාවේදී ඉන් මගහැර යෑම හේතුවෙන් එම ආයෝජකයන් පිරිස කලකිරීමට පත්ව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තාවේ.
පසුව එම නිලධාරියා පෝය දිනයක වෙනත් ස්ථානයක සාකච්ඡා කිරීමට යෝජනා කර ඇති අවස්ථාවේදී එම ආයෝජකයන් එය ප්‍රතික්ෂේප කර ඇත.
මේ සිද්ධියවූයේ මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රජයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශ උසස් නිලධාරියෙකු හමුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී බව එම ජපන් ආයෝජකයන් පිරිස සම්බන්ධීකරණය කළ රාජපුත්‍ර සමූහ ව්‍යාපාරයේ සභාපති සජීව් රාජපුත්‍ර මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
" ඇත්තෙන්ම මට ඕන වුණේ මේ රට වෙනුවෙන් මේ වටිනා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරලා මාර්ග අනතුරුවලින් මියයන මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. මේක මටම දෙන්න කියලා දෙයක් නැහැ. වෙන කවුරු හරි මේ වැඩේ ක්‍රියාත්මක කළත් කමක් නැහැ. මම මේ වැඩ පිළිවෙල රජයට ඉදිරිපත් කරන්න සූදානම්. ක්‍රියාත්මක කරන නොකරන එක ඒගොල්ලන්ට අයිති වැඩක්. මම මේ වැඩේට ඉදිරිපත් වුණේ රට ගැන හිතලා බොහොම සද්භාවයෙන්" යැයි රාජපුත්‍ර මහතා එහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව නොදීමෙන් තමා මෙන්ම ජපන් ආයෝජකයන් පිරිස දැඩි අපහසුතාවයට පත්වූ බවත් එම ජපාන ආයෝජක පිරිස මෙහි කැඳවීමට සහ නවාතැන් සැපයීමට තමාට ලොකු පිරිවැයක් දැරීමට සිදුවූ බවත් සජීව් රාජපුත්‍ර මහතා ප්‍රකාශ කළේය.
මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ පිළිවෙළ වසර අටක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වුණු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ද්‍රෝහී ක්‍රියාවක්. ඩොලර් එපා කිව්වා වගේත් නොවෙයි, රටට වෙන්න තිබ්බ සෙතක් නැතිකළා...
ඉහලින් උපදෙස් දීලා තියෙන්නේ කොමිස් කුට්ටියක් පක්‍ෂයට නොදෙන ආයෝජකයෝ හරවලා යවන්න කියලා වෙන්නැති. එහෙම නෙමෙයි නම් ඔය නිලධාරියා හොයලා දඬුවම් දෙයිද බලමු.
කතාව ඇත්ත නම් නිලධාරියා කව්ද කියලා හෙලිකරන්න බැරිද?
ප්‍රගතිය පුනරුදය කියන්නේ මේවා වෙන්න ඇති මහිතේ. ඇමැතිලා පාන් ද කියලා මිනිස්සුන්ගෙන් මාද්‍යවේදීන්ගෙන් අහනකොට අපිට හිතෙන්නෙත් පුනරුදේ මග හිටලා කියලා තමයි.
කතාවේ දෙපැත්තෙන් එක පැත්තක් දන්නවා. අනික් පැත්තත් සොයා සමබර මාධ්‍යකරණයක යෙදෙන්න.
කීරිසම්බා ඩඩ්ලිගේ කීවෙනිද බෑණා රාජපුත්‍රයා වන්මෑන් ෂෝ දාන්න යනකොට කවුරුවත් ඔහුව පයිසෙකට ගණන් ගන්නේ නෑ. ෆේස්බුක්වලින් සහ මාමාගේ පහනෙන් නම ගොඩදාගත්තු පලියට වැඩ්ඩෝ වෙන්න බෑ. ජපානේ ශ්‍රී ලංකා එකමුතුවෙන් අපේ රටට බොහෝ වැඩගන්න පුළුවන් ඉස්සෙල්ලාම ඒකේ බලෙන් එල්ලිලා ඉන්න මේ රාජපුත්‍රයාව එලවලා දැම්මා නම්...
මාලිමා ආණ්ඩුවේ අයට ඕනෑවෙලා තියෙන්නේ එලවන්න කලින් පුළුවන් තරම් පොදි ගහගන්න. දැනටමත් පරම්පරා 2කට සල්ලි ගොඩ ගහගෙන ඉන්නේ. තව මාස 6ක් යනකොට 159ම සුපිරි තැනක ඉඳීවි. රට හදන එක කියන්නේ කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේනේ. මොකද බොරුවක් කියපු ගමන් ඡන්දෙ ගොඩ දාගන්න පුලුවන්. රාජපක්ශලාට එක මඩයි ගහන්න ඕනෑ... ඡන්ද පොදි ගහගෙන දිනන්නේ...
සජීව් රාජපුත්‍ර කියන කෙනාට ඉන්වෙස්ටර්ලා ඉන්නවාද?
උපාධි සහතිකේ... දෙන්නේ නැතිනම් කිසිදෙයක් අපිට එපා.
රාජපුත්‍රයාගේ මළකඩ ඩිස්ලයික් සෙට් එක බැහැලා වගේ…. මුං ගේන ආයෝජකයෝ…
නිමල් සිරිපාල වගේ පගාවක් ඉල්ලපු කෙනෙක් වෙන්ඩැති .
මේ හාදයා රාජපුත්‍රද? නැත්නම් මාර පුත්‍රද?
ෆේස්බුක් සම්බාපුත්‍ර….!
මේ මනුෂ්‍යයා ජපානේ වීරසිංහ මුදලාලිගේ පුතා. වීරසිංහ මුදලාලි තමයි උන්ඩියල් වලට ඉස්සර ප්‍රසිද්ධම. මේයාගේ වාසගම වීරසිංහ. නමුත් මෙයා අයි විරසිංහ වාසගම භාවිතා නොකරන්නේ. ලොකු හේතුවක් තියෙනවා ඒකට.