
(සුජිත් හේවාජුලිගේ)
සෑම අමාත්‍යාංශයකට ම ස්වකීය අමාත්‍යංශයේ කාර්යය හා කර්තව්‍යයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට උපදේශකවරයෙකු හෝ කණ්ඩායමක් පත් කර ගත හැකි බවත් ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ විෂය පථය සම්බන්ධයෙන් උපදෙස් දීමට ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයින් හා වෘත්තීයවේදීන් හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළත් 10 දෙනෙකුගෙන් යුතු ස්වේච්ඡා උපදේශක සභාව පත් කරගත් බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ජනතාව වෙනුවෙන් වැඩකිරීමේදී අතිශයින්ම තීරණාත්මක අවස්ථාවක හොඳම තීරණය ගැනීම සඳහා අනාගත දැක්මක් අවශ්‍ය බවත් යමක් කරන කොට අපි ඒකෙ සිද්ධ වෙන්න පුළුවන් හොඳ නරක කිරා මැනලා බලලා තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවක් තිබෙන බවත් අබයරත්න මහතා කීය
ඔහු මේ බව පැවසූවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාවේ සාමාජිකයින් සඳහා සංකේතාත්මක පත්වීම් ප්‍රදානය කිරීම අවස්ථාවේදී ය.
අමාත්‍යාංශයේදී මෙම උත්සවය පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැලවත්තෙන් කොන්ට්‍රෝල් කරන කාඩර්ලා, ටිල්වින්ගේ කුක්කෝ සහ කැම්පස් බැචාලාට අමාත්‍යාංශ බොල්ෂෙවික් කරන්න කොන්ත්‍රාත්තුවක් දීලා. තව අවුරුද්දක් යනකොට බලන්න පුලුවන් අමාත්‍යාංශ හොම්බෙන් යන හැටි.
මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන රැසක් ලාබ පෙන්වන්න පටන් ගත්තා. ඒ මොකද ඒවාට හරි නිලධාරින් පත්කර නිසි වැඩ පිළිවෙලක් තිබුණු නිසා. ඊට කලින් ඒවායින් බොහොමයක් පාඩු ලබන්න හේතු වුනේ ලොක්කෙක් ආයතනයකින් ඉවත් වුණාම අමාත්‍යාංශයේ එක්කෝ ඉන්න නැත්නම් විශ්‍රාම ගිය දේශපාලුවන්ට කඩේ ගිය කෙනෙක් පත් කරලා කිසි අළුත් වැඩපිළිවෙලක් නොතිබිච්චි නිසා ඔහේ වැඩකළ නිසා. මට හිතෙන මේ උපදේශක සභාත් විශ්‍රාම ගිය අය පත් කරලා එහෙම වෙයිද දන්නේ නෑ. අනික රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට රට ඇතුලේ SLIDA සංවර්ධන පරිපාලන ආයතනය වගේ ඒවායින් කොපමණ පුහුණුවීම් දෙනවද? විදේශ පුහුණු වැඩසටහන්වලට කොච්චර යවනවාද? ලේකම්, අතිරේක ලේකම් වගේ තනතුරුවලට එන කොට වුණු සැසිවාර දෙතුන් සියයකට වඩා සහභාගි වෙලා තියෙනවා කියන එක අතිශයෝක්තියක් නොවෙයි කියලා මම හිතන්නේ... ඉතින් තව උපදේශකයෝ මොකටද?
හොද අදහසක්. නමුත් ප්‍රායෝගිකව කොහොම වේවිද දන්නේ නැහැ. පත්කරන ස්වේචඡා නිලධාරීන් විවිධ ආයතන වල අය විය යුතුයි. පත්කරන දහ දෙනාගේ පැටිකිරිය ගැන පළමුව සොයලා බලන්න. ඒ අය සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් කවර ආකාරයේ සේවයක් කරලා තියෙනවාද කියලා. දේශපාලකයින්ට ගොට්ට අල්ලපු අය නම් වැඩක් නැහැ. අවංක, එඩිතර අය වියයුතුයි. දකුණු පළාතේ නම් ආන්ඩුකාරයයි, පරිපාලන සේවයේ අයයි හිතන් ඉන්නේ දකුණු පළාතම ඒ අයගේ බූදලයක් කියලා. අනික හොරට පඩි ගන්න අය. විගණකාධිපති පවා තහවුරු කරලා තියෙනවා. ඒ අයට විරුද්ධව කිසිවෙක් කථා කරන්නේ නැහැ. බිය වද්දාගෙන තමයි ඉන්නේ... ඒ නිසා මේක හරිම හොද අදහසක්. හැබැයි වැඩේ හරියට කෙරෙන්න ඕනෑ. දැන් ඉන්න එවුං ටික ජනාධිපතිවත් අගමැතිවත් ගනන් ගන්නේ නැහැ.