
(යොහාන් භාසුර)
රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ (2022) යතුරුපැදි ලබාදීමට අයවැයෙන් කළ යෝජනාව වාහාම ක්‍රියාත්මක කරන ලෙස සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ලිපියක් ඔස්සේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
යතුරුපැදි ලබාදීම සඳහා අයවැයෙන් වෙන්කළ රුපියල් මිලියන 500 හෙවත් රුපියල් ලක්‍ෂ 5000 ඒ සඳහා ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස සහ සේවා අවශ්‍යතාව හා ඉල්ලුම් කරන සියලු රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදීම සුදුසු බවත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය එම ලිපියෙන් යෝජනා කරයි.
මීට පෙර 2014 වසරේ යතුරුපැදි ලබාගත් රාජ්‍ය සේවකයන් 146,381 න් වසර පහ ඉක්මවූ පිරිසට යළි යතුරුපැදි ලබාදීමට සහ 2015 සිට බඳවාගෙන ඇති සංවර්ධන නිලධාරීන් 70,000 ක පමණ ප්‍රමාණයට ද යතුරුපැදි හිමිකම් ඇති බවත් එම ලිපියෙන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදියක් ඔයාලට දෙන්න අපේ බදු සල්ලිවලින්? රටට මොනවා කරනවාටද?
පාසැලේ පළමු ශ්‍රේණියේ සිට උපාධිය දක්වා නොමිලේ උගන්වනවා. පාසැල් කාලයේ නිළ ඇදුම් රෙදි හා පොත් නොමිලයේ දෙනවා. ගමනාගමනයට අඩුමිලට සිසු සැරිය යොදවා තියෙනවා. පාසැල් කාලයේ අසනීප වෙනුවෙන් රක්ෂණ හිමිකම් දෙනවා. විශ්ව විද්‍යාලයේ මහපොළ දෙනවා. උපාධිය ලැබුවම රැකියාවක් දෙනවා. විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුප් දෙනවා. රාජකාරි ගමන් වියදම් සහ යතුරු පැදියක් වසර පහකට එකක් බැගින් දෙනවා. 1999 සිටම සංවර්ධන නිළධාරින් ඉන්නවා කියන්නකො බලන්න එදා සිට රට කොතරම් සංවර්ධනය වෙලා තියෙනවාද කියලා
වෙන මුකුත් එපාද
රු.50000 ට බයික් එක අරං රු.150000 ට විකුණපු රාජ්‍ය සේවකයාට නැවත බයික් ලබා දිය යුතු නොවේ
තරහ වෙන්න එපා මෙහෙම කියනවට... ධර්මද්වීපයේ ඉන්න මිනිස්සු හරිම පරාදීන මිනිස්සු කොටසකි.. ඔවුන් නිතරම අනුන්ට අතපා සිඟමන් යදිති.
පින්පඩි මදිවට යතුරුපැදි.. රටේ බර අදින පුද්ගලික අංශයට මේ මොන පහසුකමක්වත් නෑ.
ශ්‍රී ලංකන් හරි, මුන්දැලාට දුන්නු මෝටර් සයිකල් වැඩි ගණන් වලට විකුණුවා. ඒවායින් රාජකාරි කළේ නැහැ. ආදායම් ගත්තේ විකුණලා. මොවුන්ට නැවතත් යතුරුපැදි නොදිය යුතුයි. මොවුන් සේවා ස්ථානයේ සිට කි.මීටර එකක් ගියත්, දහයක් ගියත් පැය භාගයෙන් කළහැකි වැඩය අවසන් වෙලා නැවතත් සේවා ස්ථානයේ රාජකාරි කරන්නේ නැහැ. ගෙදරට යනවා. ඉතින් යතුරු පැදියක් දෙන්නේ මොකටද මේවා අහිංසක ජනතාවගේ මුදල්.. මේවා අනුමත කිරීමත් ජාතිජාතීත් ශාප වෙන පාපකර්ම...
ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි. අද දිනය 3000, ජනවාරි 1