
(අංජුල මහික වීරරත්න)
රජය නව බදු ගණනාවක් පනමවමින් ජනතාවට බදු පිට බදු ගසා ඊළග මැතිවරණවලට මුදල් සොයමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (08) ප්‍රකාශ කළේය.
විශේෂ භාණ්ඩ හා සේවා බද්ද, වැට් බදු සංශෝධනය හා අධිකාරී බද්ද සංශෝධනය කරමින් මෙලෙස ජනතාව මත බදු පිට බදු පනවා තිබෙන බවද විජයවර්ධන මහතා සදහන් කළේය.
අධිකාරි බද්ද යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම වැටුප් අරමුදලෙන් හා සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු අරමුදල් ගණනාවකින් 25% ක බද්දක් අය කර ගැනීමට කටයුතු කිරීම ගැන මුදල් අමාත්‍යාංශය ලැජ්ජා විය යුතු බවද නියෝජ්‍ය වරයා සදහන් කළේය.
කොළඹ හයිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයේදී ව්‍යාපාරිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගහන්නේ නැතිව.. ඔහෙලා වගේ බැංකු සුද්ද කරන්නද කියන්නේ... බලාගෙන ගියාම මෙයා පුතාණෝටත් වඩා අන්තයි.
මලකඩ වර්ධනයත් අර උගත් පුතාණෝට දෙවෙනි නැහැ දැන්නම්...!
ඒක නම් ඡන්දෙටවත් කියන්න පුළුවන්.. ඔබතුමාලාගේ ඇම්ඩා සිංගප්පූරුවෙන් යාලුවෙක් ගෙනත් ඔක්කොම සල්ලි රට පැන්නුවානේ... මතක නැද්ද? පරණ ඡන්ද ව්‍යාපාර වලට ඒ රටවල් වලින් දුන්නු ණය ගෙවලා දැම්මා කියලා තමයි ආරංචිය...
රජය ආදායම් ලබන්නේ බදු වලින් තමයි. ඔයාලා ආණ්ඩුව කරනකොට වෙනත් අයථා ක්‍රමවලින් සල්ලි හෙව්වාද?
මේ රජය කාලෙ කළේ ඔබලාගේ රජය 15%ක් වැඩිකරපු වැට් බදු අඩුකිරීම සහ අනෙකුත් බදු අඩුකිරීම... එතකොට ඔබලා ඒ කාලේ කරලා තියෙන්නේ බදු වැඩිකරලා රජයේ මුදල් හොරකම් ඡන්ද වැඩවලට ගැනීම... ඒක වෙන්නැති ජනතාව ඔබලා සියලු දෙනාම ගෙදර ඇරියේ...!
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ
හලෝ ගුරාලාගේ වැටුප් වැඩිවීම්..., රජයේ ගොයියන්ට 5000 ගෙවීම්, පැන්ෂන් කාරයින්ගේ 5000 ගෙවීම් කරන්නේ ඔහේගේ අප්පච්චිගේ බූදලයෙන්ද? ඔබේ ගොන් පාට් ඔබටම දාගන්න.. රටට දමන්න එපා...