(අජන්ත කුමාර අගලකඩ)
කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනය කිරීමට රජය තීරණය කර ඇත
ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ .
දැනට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ලීටර 1,20,000 ට අමතරව මෙම ඔක්සිජන් ලීටර 3, 60,000 ආනයනය කෙරේ .
කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වැඩි වීමත් සමග ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව මෙි වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇත
දේශීයව නිපදවන දෛනික ඔක්සිජන් ප්‍රමාණය ටොන් හැත්තෑ අටක් පමණ වන අතර, දැනට අවශ්‍යතාව ටොන් 95ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්ෂිජන් කන්ටද ?
ආණ්ඩුව මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන්ගේ ඇතුළු කාර්ය මණ්ඩලයේ කාලීන අවශ්‍යතාව ගැන දැනුවත්වීම අගය කල යුතුයි. නමුත් පෙනහළු ඉදිමුව වලක්වන සහ අත්‍යවශ්‍ය ඔෞෂධ ආනයනය කිසිසේත් පමා නොකල යුතුයි. ලෝකයම මේ රෝගය ජයගත් දිනයේ සිට ක්‍රියාශීලීව වැඩකොට, අප රට ගත් ණය පියවීමට හෝ මිනිසුන් ජීවත්ව සිටිය යුතුයි.
මෙි ඔක්සිජන් අපට ලැබෙන කොට අසරණ ජිවිත කීයක් නැතිවෙයිද, පාලකයන් කටයුතු කරන විදිය දැක්කම ඇතිවෙන්නෙ දැඩි කලකිරීමක්.
කොරෝනා පිටුපස තියෙන්නේ තනිකරම බටහිර බෙහෙත් වෙළඳාමක් ,අපේ දේශීය බෙහෙත් අරගත්තානම් රටත් ගොඩ වෙදකමත් ගොඩ
මාතර ප්‍රදේශයේ උගත් තරුණයෙකු වායුගෝලයේ ඔක්ෂිජන් යොදාගෙන කොවීඩ් රෝගීන් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ඔක්ෂිජන් නිපදවන යන්ත්‍රයක් නිර්මාණය කොට තිබෙනවා.විශ්ව විද්‍යාල සිසුවෙකු වන මොහු මීට පෙර අවස්ථා වලදීත්,නව නිපැයුම් ඉදිරිපත් කොට තිබෙනවා.මේ වෙලාවේ මෙවන් දෙයක් සොයා ගැනීම ඉතාම වටිනවා.මේ ගැන තොරතුරු ෆේස්බූක් එකේ තියෙනවා.කරුණාකර ඒ නව නිපැයුම සඳහා අනුග්‍රහය ලබා දෙන්න.
මේ රටේ බොහෝ දේශපාලකයෝ මෙවැනි අමාරු අවස්ථාවෙන් කොමිස් ගසා සාක්කු පුරනවා. මේකට හොඳ උදාහරණය සුනාමි අරමුදලට වෙච්ච දේ සහ අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස අරමුදලට වෙච්ච දේ. මේකට එසේ නොවේවා.
ඔක්සිජන් කන්නද කියා අහපු අයට හදිස්සියටවත් ඔය ගෙන්වන ඔක්සිජන් දෙන්න එපා.