(නිමන්ති රණසිංහ)
සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතියේ දිනක බන්ධනාගාර මූලස්ථානය ට අයුතු ලෙස ඇතුළු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය පිස්තෝලේ ද කරකවමින් බීමතින් බන්ධනාගාරය තුළට පැමිණ ඇත්තේ ඔහුගේ තවත් බීමත් මිතුරන් කිහිපදෙනෙකු සමගින් බව ද එම ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස දැඩිව බීමතින් සිටි බැවින් සහ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කොට කලිසම් වලින් සැරසී සිටි බැවින් බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට බන්ධනාගාරය තුළට පිවිසීමට ඉඩ ලබාදී නොමැති බවත් එහිදී මෙම පිරිස බංගලාව කළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
තරමක වේලාවක් බන්ධනාගාරය තුළ ඇවිදිමින් කල්ගත කළ මෙම පිරිස පසුව ඔවුන් පැමිණ පැමිණි සුඛෝපභෝගී මෝටර් රථ වලින් බන්ධනාගාරයෙන් පිටව ගිය බවත් එම ආරංචි වැඩිදුරටත් සඳහන් කරයි .
බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බීමතින් සහ අසංවරය ඇදුමින් සැරසී පැමිණෙන්න කිසිවකුටත් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඉඩ නොමැති අතර රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු මෙම පිරිස සිදුකළ විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසට බන්ධනාගාර නිලධාරින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමට ද සූදානමක් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ( පාලන) චන්දන ඒකනායක මහතාගෙන් විමසීමක් කළ අතර එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක්නොදන්නා බව සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර රාජ්‍ය ඇමති නේද...?
මචං මේ තමයි රට නිවැරැදි මගට ගන්න තියෙන අන්තිම අවස්ථාව. මේක මිස් වුනොත් රට අතෑරලා යන්න තමා තියෙන්නේ. අනික ආණ්ඩුවේ එකෙක් වැරුද්දක් කලොත් අපි තමයි මුලින්ම පාරට බහින්නේ. මේ කියමන කවුරුන් විසින් කාහට කුමක් අරභයා කියන ලද්දක්ද?
ගනීවි පියවරක් බලාගෙන ඉන්න
තරාතිරම නොබලා වහාම පන්නා දැමිය යුතුයි. නැතිනම් අනික් අයත් මෙය ආදර්ශයට ගනීවි.
මේ රට කිසිම දවසක හැදෙන රටක් නොවේ. හැකි හැමවිට මේ රටින් පිටව යාමට තැත් කළ යුතුයි.
අර ගෑණු ප්‍රශ්න දාගත්තු කෙනා නේද?
ඔතෙනට සිහියෙන් කවුරුවත් යන්නේ නැති එකේ එතුමා ගිය විදිහ හරි...
මෙච්චර වැල් වටාරම් ලියලා.... ගියපු එකාගේ නම ලියලා නෑ...
රාජපක්ෂලාගේ පවුලේ උදවිය.. රට කනවා.
පෙන්නන්න වගේ එ්ක කරගෙන ගිහිල්ලා වෙනවෙනම එල්ලන්නයි තිබුණේ...
මේ කාලකන්නි මහජන නියෝජිතයා යයි කියන "හරකාට" නමක් ගමක් නොමැතිද? මේ පුද්ගලයාත් කල්ලතෝනියෙක්ද? රටේ මුල් පුරවැසියාට අපගේ අදහස් කිසිඳු වෙනසකින් තොරව කියැවීමට හැකිවේවා..."
මේ කුමන දිස්ත්‍රික්කයේ ඇමැතිතුමෙක්ද... ආයුබෝවන්ඩ? මම ඇහුවේ කොට්ඨාශය කියන්නේ නැති නිසයි.
ටක්කෙටම කියන්නම් ඔය අර ශ්‍රී මහා බෝධිය ගාවට මහ රෑ ජාමේ යන්නගිය උන්නැහේ...
ඔබට නොහැකි නම් ඔබේ දරුවා හෝ මේ රටෙන් ඈත්කර තබන්න.
මහජන නියෝජිතයෝනේ .ගණන් ගන්න එපා ?එයාගෙන් පස්සේ එයාගේ පුතා එන්නේ
ඉතින් මේකේ වැරැද්ද මොකද්ද ?රාජ්‍ය අමතිකෙනෙකුට අපි 3/2 රාජ්‍ය බලය දීලා තියෙන්නේ ඕනෑම දෙයක් ඕනෑම විදිහකට කරන්න
අපි මේවා බලාගෙන ඉමු.
ෆේස්බුක් වීරයෝ....!
නායකයා යන මග ඔහුගේ පිරිසත් යන එක අරුමයක්ද.මේ තමයි ඔවුන් ගේ භාශනය.
අලුගෝසූ තනතුරු සඳහා සුදුසු පිරිසක් පුහුණුවට ගෙනියන්න ඇති...
69 ලක්ෂයෙන් එක්කෙනෙක්ටවත් බෙහෙතකටවත් හොයාගන්න බැහැනේ... ඒ හොඳටම කරන නිසා වෙන්න ඇති. මේ වහල් දූපත කවදාවත් ගොඩඑන්නේ නැත...
මට නම් මේ නම මතක් වෙන්නේ නෑ.
එතන හිටපු හැමෝම දන්නවනේ ආවේ කවුද කියල
අපි දන්නවා කව්ද කියල
රටට ගිය කලක්
මේ රටේ නූගත් විනයක් නැති දේ්ශපාලකයින්ට නීතිය නමන්න ඉඩ දෙන එකේ වැරදි කාරයො වෙන්නෙ පිට කොන්දක් නැති වෘත්තිකයොත් නීති විශාරදයොත් තමයි. අහිංසක සාමාන්‍ය නිලධාරීන්ට දරු පවුල් රැක ගැනීම සදහා නිහඩව ඉන්න සිදුවෙන බව පැහැදිලියි. ඒත් බලවත් වෘත්තිකයින්ගේ නිහඩ බව රට ආගාධයට ඇද දමනවා.
නම කිවුවානම් මේවා හැදෙනවා.
ජනපතිතුමනි, රජය අපකීර්තියට පත් කරන මෙවැනි අය තරාතිරම නොබලා දඩුවම් දෙන්න. නැතිනම් පසුවට පසුතැවෙන්න වෙනවා සිකුරුයි