IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ඇමැති ලොහාන් උසාවි කැඳවයි

(උපාලි ආනන්ද)

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලෙස සිටිමින් අනුරාධපුර බන්ධනාගාරයට රාත්‍රියේ ඇතුළුවී එහි රඳවා සිටි දමිළ ජාතික රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට සාපරාධී බිය වැද්දීමක් කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතාට ලබන සැප්තැම්බර් මස 14 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි පුබාර සිංහන් සූරිය පාලන් නමැති රැඳවියා දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට සාපරාධී බිය වැද්දීමක් සිදුකළැයි කොළඹ අපරාධ කොට්ඨාසය සැකකාර හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුවය.

කොළඹ අපරාධ කොට්ඨාසය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු වන පුබාර සිංහන් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් සිදු කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට (හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය) එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 486 වන වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝනා පත්‍රයක් ගොනු කරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට සැලකර සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මහනුවර මාපනාවතුර පටුමග ලිපිනයේ පදිංචි සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතාට නියෝග කළේ ලබන සැප්තැම්බර් මස14 වන දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය.

සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මෙම වරද කළ බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගාර නිලධාරීහු සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.



අදහස් (7)

රාජ්‍ය ඇමැති ලොහාන් උසාවි කැඳවයි

Kapila Tuesday, 09 May 2023 12:03 AM

මට හිතෙන්නේ මෙතුමා නිදොස් කොට නිදහස් කරාවි කියල

:       1       7

BamunuarachchiTuesday, 09 May 2023 01:43 PM

නිදොස් කොට නිදහස් විය යුතුයි. මොකක්ද වැරැද්ද?

:       6       3

Demuni Uduwara Tuesday, 09 May 2023 04:45 AM

කිසිවෙක් නීතියට ඉහලින් නැත!

:       1       5

Sunil Tuesday, 09 May 2023 05:57 AM

තම නායකයාගේ අඩි පාරේ යමින් නීතිය තම අතට ගත පාහර කාලකන්නි .මුන්ට පුළුවන් රට තවත් අගාධයට ඇද දැමීම පමණයි

:       1       6

C.K.Lankaputhra Tuesday, 09 May 2023 06:14 AM

3023 අවුරුද්දේ නඩුව විභග කර අවසන්කර ඇමති වරයාට සාදාරනය ඉශ්ට කරනු ඇත.

:       1       5

sam Tuesday, 09 May 2023 11:55 AM

මේ වසලයා හරි නම් දැන් ඉන්න ඕනේ හිරේ .මූ පාතාලයා

:       2       5

fairoos Tuesday, 09 May 2023 12:31 PM

මෙයාලට මොන නඩු දාලත් ඔප්පු කරන්ඩ බෙහෙ..සොබාදමින් තමයි පඩිසම් ලැබෙන්ඩ ඔන.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site