
(උපාලි ආනන්ද)
බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලෙස සිටිමින් අනුරාධපුර බන්ධනාගාරයට රාත්‍රියේ ඇතුළුවී එහි රඳවා සිටි දමිළ ජාතික රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට සාපරාධී බිය වැද්දීමක් කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතාට ලබන සැප්තැම්බර් මස 14 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි පුබාර සිංහන් සූරිය පාලන් නමැති රැඳවියා දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට සාපරාධී බිය වැද්දීමක් සිදුකළැයි කොළඹ අපරාධ කොට්ඨාසය සැකකාර හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුවය.
කොළඹ අපරාධ කොට්ඨාසය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු වන පුබාර සිංහන් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් සිදු කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි.
ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට (හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය) එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 486 වන වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝනා පත්‍රයක් ගොනු කරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට සැලකර සිටියේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මහනුවර මාපනාවතුර පටුමග ලිපිනයේ පදිංචි සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතාට නියෝග කළේ ලබන සැප්තැම්බර් මස14 වන දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය.
සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මෙම වරද කළ බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගාර නිලධාරීහු සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ මෙතුමා නිදොස් කොට නිදහස් කරාවි කියල
කිසිවෙක් නීතියට ඉහලින් නැත!
තම නායකයාගේ අඩි පාරේ යමින් නීතිය තම අතට ගත පාහර කාලකන්නි .මුන්ට පුළුවන් රට තවත් අගාධයට ඇද දැමීම පමණයි
3023 අවුරුද්දේ නඩුව විභග කර අවසන්කර ඇමති වරයාට සාදාරනය ඉශ්ට කරනු ඇත.
මේ වසලයා හරි නම් දැන් ඉන්න ඕනේ හිරේ .මූ පාතාලයා
මෙයාලට මොන නඩු දාලත් ඔප්පු කරන්ඩ බෙහෙ..සොබාදමින් තමයි පඩිසම් ලැබෙන්ඩ ඔන.