(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවයෙන් සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහෝ අවස්ථාවල නිකරුණේ කාලය ගත කරන බව ( අයිස් ගැසීම ) සමීක්ෂණයකදී පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙලෙස සිය රාජකාරියට දායකත්වය නොදක්වා නිද්‍රාශීලීව කටයුතු කරන පිරිස් හඳුනා ගෙන එම තත්වය වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
ආයතන ප්‍රධානීන්ට එහිදී විශේෂ වගකීම් පැවරීමටද එම වගකීම් ඉටු නොකරන ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී කටයුතු කෙරෙනු ඇත.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියළුම රාජ්‍ය සේවකයන් සිය රාජකාරි සඳහා සක්‍රීයව දායක කර ගැනීම වැදගත් බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මේ ආකාරයට නිකරුණේ නිද්‍රාශීලී ලෙස කටයුතු කිරීම සඳහා සමහර ආයතනවල ව්‍යුහාත්මකවද පරිසරය සැකසී ඇති බවත් එවැනි ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල්ව සොයාබැලීමක් කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
සේවකයන් රාජකාරි කටයුතු සඳහා උපරිමයෙන් දායක කර ගැනීම ආයතන ප්‍රධානියාගේ වගකීමක් විය යුතු බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කෑම බීම අනුභව කර සහෝදර සේවකයන් සමග හෝ සිය පරිගණකය හෝ ජංගම දුරකථනය යොදාගෙන විවිධ ක්‍රීඩාවල නිරතවී නිකරුණේ කාලය ගත කර නිවෙස්වලට යන රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් බොහෝ ආයතනවල සිටින බව සොයාගෙන ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
රටේ සමස්ත රාජ්‍ය සේවක සේවිකාවන් සංඛ්‍යාව ලක්ෂ 16කට අධිකය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් කල් ඉඳලා, ගොඩක් රාජ්‍ය ආයතන වල වෙන දෙයක් තමයි මේ... දැන් හරි මේකට පිළියමක් ලැබුණොත් හොඳයි..!
ඇත්තටම ඉක්මණින් කළයුතු වැඩක් මේ කරන්න හදන්නේ... අපි රජයේ සේවයේ සිටියදී ලිපියක් ලියාපදිංචි වේවා, සාමාන්‍ය තැපෑලෙන් වේවා.., ලිපියට පිළිතුරක් දින තුනක් ඇතුළත යැවීමට පිළිගත් සම්ප්‍රදායක් තිබුණා. නමුත් එවැනි දේවල් දැන් කාලේ ලොක්කෝ හා සොක්කෝ දන්නේ නැද්ද? නැත්නම් නොසලකා හරිනවාද දන්නෙ නැහැ.. ලියාපදිංචි තැපෑලෙන් යැවූ ලිපියක් සඳහා මාසයක් ගතවෙලත් උත්තර නැති අවස්ථා අනන්ත තියෙනවා. (මේ අතර සමහරක් අය පිරමිඩවලට හිරවෙලත් ඉන්නවා වෙන්න පුළුවන්..) මේ ගැන පැමිණිලි කරන්න ආයතනයක් ස්ථාපිත කළොත් සහ එවැනි වැරැදි කරන අයට දඬුවම් දීමට ක්‍රමයක් ක්‍රියාත්මක කළොත් රටට සෙතක් වේවි (මමත් යැවූ ලිපි දෙකකට මාසයක් වෙලත් උත්තර නම් නැහැ..)
30%ක්, 40%ක් නෙවෙයි... 80%ක් අයිස්ගහන්නේ.. බොරු වෘත්තීය සමිතිකාරයෝ මේකට විරුද්ධව ස්ට්‍රයික් කරයි. මොකද ඒ අය යැපෙන්නේ ඒකෙන්නේ...!
මෙම කාරණය සත්‍යයකි. මම ඇතුළු විශ්‍රාමික කීපදෙනෙකුගේ විෂමතාවයක් අවුරුදු දෙකහමාරක් තිස්සේ විසඳා නැත. මෙයට හේතු වී ඇත්තේ රාජ්‍ය ආයතන 03ක් මීට සම්බන්ධ වී ලිපි ගනුදෙණු කරමින් සිටීමයි...
ඉතාම හොඳ තීරණයක්.., රාජ්‍ය ආයතන ඵලදායි මට්ටම උසස් කියලා සම්මාන පිරිනැමීමක් සිදුවනවා. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ඒ උදවියට මේ අයිස් ගහන නිලධාරීන් ඇත්තටම අහුවුනේ නැද්ද? ඵලදායි කියලා සම්මානය දුන්නාම ඇති එම ආයතනවලින් සේවා ලබාගැනීමට පැමිණෙන සේවා ලාභීන්ගෙන් ඇහුවානම් කියයි ඵලදායිතාවය ඒ අය බලන්නේ... පාට පාට ෆයිල් කවර, වල ලිපි ගොනු තබා ගැනීම, ලියන මේසය සලකුණු කරපු ස්ථානයේ තිබීම, විදුලි පංකාවට හා විදුලි බල්බයට අංකයක් ලබාදී තිබීම පාටපාට කොළවල වසර කිහිපයක දත්ත සටහන් කර බිත්තියේ එල්ලා තැබීම.., මේවායින් ඵලදායි වෙච්චි ආයතනවලත් ඔය අයිස් කුට්ටි නිලධාරී පිරිලා අනික තමයි රාජකාරී වෙලාවේ මඟුල් ගෙවල්, පිංකම් ගෙවල්, මළගෙදර, විශේෂයෙන් තම දේශපාලන පක්ෂයේ රැස්වීම්, වෘත්තීය සමිති මුවාවෙන් මේවා කරන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපට රුපියල් 5000කුත් දුන්නා. රජයේ නිලධාරින් මට්ටු කරන තද නීති අණපනත් ගේන්න ඕනමයි. ලක්ෂ 16කට විතරක් නොවෙයි. කෝටි 2ක් ඉක්ම වූ සමස්ථ රටේ ජනතාවගේ ගැටළුවලට විසඳුම් සොයන්න.. දැන් රජයේ සේවකයින්ට දුන්නා නම් හොඳටම ඇති...
මෙම තත්ත්වය සෑම රාජ්‍ය ආයතනයකටම පොදු කරුණක්. හැබැයි මේ කියන 30-40%න් අති බහුතරයක් නිසි විධිමත් නිශ්චිත රාජකාරියක් නොපැවරුණු අයයි. අන්න එම තත්ත්වය සොයා බලා පිළියමක් යෙදීමයි වැදගත්. රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂමතාවට මූලිකව පාදකවෙලා තිබෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවයයි. රාජ්‍ය සේවකයින්ට ඊට කළ හැකි කේවල ධනාත්මක හෝ සෘණාත්මක හෝ බලපෑම ඉතා අල්පයි. අකාර්යක්ෂම යාන්ත්‍රණයට හසුවන ඕනෑම අයෙකුගෙන් කාර්යක්ෂම ප්‍රතිඵලයක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඊට වඩා හොඳයි කකුළුවන්ට කෙළින් යන්න ඉගැන්නුවා නම්. ඕවායේ ඉන්න කාලකණ්ණි මේ ආත්මෙට හදන්න බෑ.
සියලු රාජ්‍ය ආයතනවල සීසීටීවී කැමරා සවිකර, රාජකාරී අවස්ථාවල රාජකාරිවල නිරතවනවාද? එසේ නැත්නම් රටේ පොදු කරුණු ගැන කතාබහ කරමින් සිටිනවද යන්න නිරීක්ෂණය කළ යුතුවේ....
රජයේ සේවකයින් කාර්යාලයට එන්නෙම විවේක ගන්න තමයි. සෙනසුරාදා, ඉරිදා ගෙදර වැඩකරලා මහන්සිවෙලා ඉතුරු දවස් 5 විවේක ගන්නවා. බොරුනම් රජයේ සේවකයින්ගෙන් අහලා බලන්න සිකුරාදාට මූණවල් මැලිවෙලා තියෙන්නේ...
කාර්යාලයට ඇතුළු වෙනකොට දුරකථන ආරක්ෂක අංශයට බාරදීලා යන ක්‍රමයක් හැදුවා නම් ඉවරයි. හදිසි පණිවිඩයක් කාර්යාල දුරකථනය හරහා ලබාගන්න පුළුවන්නේ.
වැඩක් නැතිව පුටුවක වාඩිවෙලා ඉන්නකෝ..! නිකම්ම නිදිමතක් එනවා. රාජ්‍ය සේවකයින් නිදිකිරීම සාමාන්‍ය දෙයක්. ගෙදරට නොදැනෙන නිදිමත කාර්යාලයට ආවිට ඉබේම ඇතිවෙන දෙයක්...
අගනුවර එක්තරා දෙපාර්තමේන්තුවක ගෑනු කොට්ටඋර වලට මල් මහනවා, පත්තර බලනවා, ෆෝන් එකේ එල්ලිලා, ළමයින්ව ගේන්ඩ ඉස්කෝලේ ඇරෙන වෙලාවට යනවා. ගෙනත් කන්තෝරුවේ තියාගෙන කවනවා, පොවනවා, උගන්වනවා. වැඩක් කරගන්ඩ ගියාම අපිව පුලුවන් තරම් රස්තියාදු කරනවා. ගතමනාවක් දුන්නා නම් වැඩේ කරගන්න පුළුවන්.. රජයේ හුඟාක් තැන්වල ඔහොම තමයි...
ඊළඟ ඡන්දයේදී තව රංචුවක් ජොබ්වලට දැම්මා නම් අපිට පුළුවන් මේ රටේ පුද්ගලික අංශයේ වැඩකරන අයට පුළුවන් අයටත් නිකන් කන්න දෙන්න, ඒ අය සියලු පහසුකම් ගන්නවා. පුද්ගලික අංශයේ වැඩකරන ජනතාව හිඟාකනවා. මේක පුදුම රටක්..
ඔය කෘෂි නිලධාරීන් කියන අය කාබනික පොහොර ව්‍යාපෘතියට සම්බන්ධ නොවූවාද? නොගත්තාද? ඔවුන්ට මේ පිළිබඳ දැනුම තිබුණා නම් රටට මෙසේ වූයේ ඇයි? මේ අයට ක්ෂේත්‍ර දැනුම නැතිනම්, එවැනි අයට පත්වීම් දුන්නේ කව්ද? හැබැයි රාජ්‍ය සේවයට අයිස් ගැසීම සඳහාම පැමිණ ඇති උපාධි නොවන පහළ අධ්‍යාපන තත්වයේ වැඩ බැරි වගේම වැඩ මගහරින අය වැහි වැහැලා බව ඇත්ත. දේශපාලනයට පාවිච්චි කිරීම හේතුවෙන් මේ මිනිස්සු හදන්න බැරි ඇඟ හොරුවෙලා ඉවරයි...
මෙය සම්පුර්ණයෙන්ම සත්‍යයක් මම මගෙ දැසින්ම දුටුවා , පසුගිය දිනක ජාඇල (A.G.Office) ප්‍රාදෙශියලෙකම් කාර්‍යලයට ගියෙ උප්පැන්න සහතිකෙ කොපියක් ලබා ගැනිම සන්ධහා එයට පැය තුනක පමන කාලයක් ගත කරන්නට විය .එය මට ප්‍රශ්නයක් නොවිය එහෙත් එම කාලය අතර මා අවට කාර්‍යල වල සෙවය කරන ආකාරය දුටුවෙමු. ලියන්න හහරිම කනකනගාටුයි .
දැන්ද ඇහැරුනේ? පළමුවෙන් පාසල්වල ඉන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කටයුතු ගැන සොයා බලන්න... ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද? අප ආයතනය වලින් නිවාඩු දමා පාසල්වල වැඩකටයුතුවලට සහභාගි වීමත් රටේ සංවර්ධනයට වක්‍ර්‍රව බලපෑමක් සිදුවේ...
මේ සඳහා වෙබ් අඩවියක් අරින්න අපි දෙන්නම් නියමෙට..., නම් ටික ප්‍රමාද කරපු වැඩ, ගත්ත ඉල්ලපු පගාව මේ සියල්ලම ලියන්නම්..