(දයාසීලි ලියනගේ)
සියලු අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්,වාහන හා ගොඩනැගිලි ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් කේ.ඒ.රම්‍ය කාන්ති මහත්මිය දැනුම් දී ඇත.
ඒ අනුව සෑම රාජ්‍ය ආයතනයක්ම මෙම තොරතුරු ලබන අප්‍රේල් මස 15 වැනිදාට පෙර ලබ ගැනිමට අපෙක්ෂා කෙරේ.
බොහෝමයක් රාජ්‍ය ආයතන සතු වාහනවලට අමතරව වාහන විශාල ප්‍රමාණයක් කුලියට ලබාගෙන පාවිච්චි කරනු ලබන බවද අනාවරණය වේ.
රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් බොහොමයක් අනවසර පදිංචිකරුවන් සිටින බව ද අනාවරණය වී ඇත.
මේ සියලු තොරතුරු හා ඒවාට යන වියදම පිළිබඳව දැනුම් දෙන ලෙසට ද නියම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රම්‍ය කාන්ති මහත්මියගේ තනතුර දැක්කාම මේ රට මොකක්ද කියලා හිතෙනවා. ඇත්තටම ලංකාවේ දැනුත් ඉන්නේ සුද්දන්ගේ වහල්ලුද කියලා හිතෙනවා. මේ තනතුරු බලන්න නියෝජ්‍ය සර්වේයර් ජනරාල්, නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල්, හාර්බර් මාස්ටර්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, විභාග කොමසාරිස් ජනරාල් ,කලකට පෙර මෙම තනතුරු සඳහා සිංහල නම් තිබුණා කියලා මතකයේ තියෙනවා. ඇත්තටම මේ මානසිකත්වය මොකක්ද? සිලෝන් කියලා සුද්දා හැඳින්නුව රට ශ්ර්රී ලංකාව කියලා වෙනස් කරන්න පුළුවන් නම් ඇයි සුද්දා දුන්නු තනතුරු වෙනස් කරන්න බැරි? එහෙම නැත්නම් ලංකා බැංකුව වගේ සිංහලෙනුත් ඉංග්‍රීසියෙන් බෑන්ක් ඔෆ් සිලෝන් ලෙසත්, එහෙමත් නැත්නම් සිංහල එකයි, ඉංග්‍රීසි දෙකයි නැතුව සිංහල වචනයක් දෙමළ වචනයක් හා ඉංග්‍රීසි වචනයක් යොදා තනතුරු නාම හඳුන්වමු.
සියලු අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්,වාහන හා ගොඩනැගිලි ගැන තොරතුරු පමණක් නොව සේවය කරන ස්ථිර සහ කොන්ත්‍රාත් සහ ස්ථිර නොවන සේවකයන් ප්‍රමාණය කොපමණ සිටීද කියා සොයා බැලීම වැදගත්වේ. සියලුම පාඩු ලබන සියලු අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල අදායම/ profit ලබන්නේද ඒ අනුව එම ආයතනය නඩත්තු කල හැකිද එසේ නොකළ හැකිනම් කල යුතුවන්නේ සේවකයන ඉවත් කිරීමද නොඑසේනම් වැටුප් කපහරිමද කියා සොයා බැලිය යුතුවේ. පාඩු ලබන කිසිදු ආයතනයක් ආයතනයේ ඉහල සිට පහලම සේවකයා දක්වා දීමනා, වැටුප් වැඩිකිරීම් නොකළ යුතු අතර වැටුප් ලබාදිය යුතුවන්නේ සේවකයන්ගේ ක්‍රයක්ෂම තව මත වේ. සතොස වැනි කොටි ගණනින් පාඩු ලබන ආයතන වසාදැමීමට තීරණය කල හොත් සේවකයන්හගේ රැකියාවන් අහිමිවන බවත් පාඩු නොලැබීමට නම් එම ආයතන PPP ක්‍රමය අනුගමනය කළහොත් කර්යක්ෂන්ම සේවයක් ලබාදීමට සිදුකල හැකිබව පැහැදිලි කල යුතුවේ. එමෙන්ම PPP කළහොත් එම ආයතන දේශපලනෛකරණයෙන් මුදවා ගැනීමටද හැකියාව පවතී.
දුෂිත පවුල් පාලන ආණ්ඩුවේ උදවියගෙන්ම පටන් ගන්ඩනේ තිබුනේ ? ඔය කියන රාජ්‍ය ආයතන වැඩිහරියක් තියෙන්නේ පවුලේම උදවිය බෙදාහදා ගෙන.
රජයේ වාහන වලින් මාණ්ඩලික නිලධාරීන් පරිහරණය කරන වාහන බහූතරයක් තම පුද්ගලික අවශ්‍යතා සඳහා යොදවා ගන්නා බව නිරීක්ෂණය වෙනවා.ආරක්ෂක අංශයේ වාහන ද ඒ අතර.පාසල් අසල බලන්න.ඉන්දන., ඩොලර් අර්බුදයක් ඇති අවධියක්.පොදු අසරණ පුරවැසියන් ද එම අය නඩත්තු කරන්න ඕන.