(සුජිත් හේවාජූලිගේ)
රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කෙරුණු විශේෂ කොමිසමේ වාර්තාව එම කොමිසමේ සභාපති එස්. රනුක්ගේ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (28) පිළිගන්වනු ලැබීය.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාන්විත චක්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් එම සේවයේ වැටුප් ආශ්‍රිත ගැටළු හෝ විෂමතා විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත් කරනු ලැබුවේද ජනාධිපතිවරයා විසිනි.
ඒ ඉකුත් ජූලි මස 18 වැනි දා රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුවය.
එස්. රනුක්ගේ මහතා සභාපතිවරයා වශයෙන් ද එච්. ජී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරන මෙම කොමිසමට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුළත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට 15000ක් පඩි වැඩි කරන්න. අගමැතිකමේ ස්ථිර කරනවා.
මේ ගොල්ලන්ට තවත් පඩි වැඩි කරන්න. අැයි හත්වලාමේ මොන හේතුවකටද? මේ ගොල්ලෝ විතරද රටේ ජීවත් වෙන්නේ...? එක ඩොලරයක් මේ රට එවන්න එපා කියන්න ඕනේ.. කොහොමත් අපේ දරුවන් මෙරට සල්ලි එවන්නේ නැත. එ්ක එක්තරා සැනසීමක්.
තව අයිස් ගහන්න පුළුවන්. පස්සා දොරෙන් ආපු උදවියගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.