අංජුල මහික වීරරත්න
රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.
එක්සත් ජාතික පෙරමුණ ගෙන ඇති තීරණය අනුව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවක, හෙද, ප්‍රවාහන, දුම්රිය සේවා, තැපැල්, ජල සම්පාදන, විදුලිබල, ඛනිජ තෙල්, වරාය හා ගුවන් තොටුපොල ආදී ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන්ම මහා වැඩ වර්ජනයට සම්බන්ධ කර ගැනීමට අපේකෂිතය.
'ආණ්ඩුවක් නැහැ', 'රට අරාජිකයි' යන සටන් පාඨය යටතේ කරන මහා වැඩවර්ජනය වැඩකරන දිනක වරුවක කාලයක් ඉහත ක්ෂේත්‍ර අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණ සඳහන් කළේය.
අගමැති වැය ශිර්ෂය අත්හිටුවීමේ තින්දුවෙන් පසු මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පෙරමුණ සඳහන් කළේය.
දින භාගයක වැඩ වර්ජනයෙන් පසු සම්පූර්ණ දවසම මහා වැඩ වර්ජනයක් කරන බවද එම පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරු විකල්ලෙන් දොඩවනවා ... වෙන වැඩ නැද්ද ? ... පක්ෂේ හදාගෙන අලුත් නායකයෙක් පත්කර ගන්න විකාර නැතුව...
කරපල්ලා කරලා තියන ටිකත් කාපල්ලා !
රටට ආදරේ එවුන් රටේ ආර්ථිකය තවත් වට්ටන්න මෙහෙම තුප්පහි වැඩ කරනවද? මේකෙන්ම තේරෙනවා මෙයාලට තියෙන්නේ රටේ ආර්ථිකයවත්, රටේ මිනිස්සු ගැනවත් තියන කැක්කුමක් නෙවෙයි කියලා...
ඔය රාජ්‍ය සේවකයෝ කියන මිනිස්සු මේ රටේ මිනිස්සු නොවෙයිද? රටට ආදායමක් නැතිව රටේ ජනතාවට බදු ගහලා ඔබලාට රුපියල් 10000කින් පඩි වැඩිකර ඔවුනට රුපියල් ලක්ෂයකින් දීමනා වැඩිකර ගත්ත ජොලියටද ස්ට්‍රයික් කරන්නේ? අනේ වාසනාවන්...
රට අරාජිකයි කියල කියන්න, රට අරාජික කරනවා. මේවට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ.
මේවට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ. රට අරාජිකයි කියලා කියන්න, රට අරාජික කරනවා. හරියට බෝ ගසක් කපා ඇත කියලා බෝර්ඩ් එකක් හදන්න බෝ ගහක් කපනවා වගේ වැඩක්...
ඔය වැඩ වර්ජනය පිටුපස සිටින දේශපාලකයන්ව හඳුනාගෙන ඊළඟ මැතිවරණයෙන් අන්ත පරාජය කරමු. අපිට කරන්න පුළුවන් එච්චරයි.
සමන් - මහරජා වගේ නායකයෙක් නේද?
80 වර්ජකයින්ට ජේ.ආර්. දීපු බේතම දෙන්න වේවිද?