
(ජේ. ඒ .එල්. ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයට අයත් ,මල්වතු මහා විහාර පරිශ්‍රයේ පිහිටි දළුක්ගොල්ල රාජ මහා විහාරයට අයත් ,පන්සලක තිබූ වටිනා. මැණික් ගල් කීපයක් සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිළි ලැබීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් එම විහාරස්ථ පරිශ්‍රයට ගොස් ,විහාර භූමියේ සවිකර තිබෙන ස්වයංක්‍රීය ආරක්ෂිත කැමරා පද්ධතියද ( සීසීටීවී) විශේෂ පරීක්ෂාවට ලක් කරතිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
සොරකම් කරගෙන ගොස් ඇති මැණික් ගල් වල වටිනාකම රුපියල් කෝටි එකහාමාරක් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සැළවූ වහාම මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම් භ කිරීම සඳහා මල්වතු මහා විහාර පරිශ්‍රයට ගොස් ඇත.
මල්වතු මහා විහාර පරිශ්‍රයට පොලීසියට අමතරව යුද හමුදා ආරක්ෂාවද සපයා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හා ජායතී සෝකො. බණ පදයක් හාමුදුරුවනේ.
හොරකම උනාට පස්සේ ආරක්ෂකයන් මොනවා රකින්නද ?
අශ්වයා පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වහල මක් කරන්නද?
ශ‍්‍රී දළදා මාලිගාවට බෝම්බ ගහපු අයට ඕක මොන කජ්ජක්ද?
මනුතාපයේ බිස්කූන් වහන්සේග් චරිතය සිහිකරගන්න.
තිබුනත් වැඩක් නෑනෙ. ලෝකෙ විනාසෙ වෙනකං ඔහෙ තියෙයි. හේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන ඔය පංසල්වල තියෙන මැණික්, රං රිදී බඩු විකුනලා අහිංසක මිනිසුන්ට පිහිට වෙන්න.