
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතාට අද (26) පස්වරුවේ ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව පිරිනැමීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර අධිකරණ අමාත්‍යයෙන් තමන් වෙත ලැබුණු බව කී ඒකානායක මහතා එම ලිපිය වැලිකඩ බන්ධනාගාරයට හැකි ඉක්මණින් ලබාදෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙන් නිදහස් වුණත් හෘද සාක්ෂියෙන් හා පළවූ හඬපටි වලින් කියවූ දේවලින් නිදහස් වෙන්න බැහැ. නැවත හොරු අල්ලන්න හිතන්න එපා. ඔවුන් ළඟ හඬපට තිබෙනවා.
එළියට ගන්න අත්සන් කළාට එළියෙදි විග්එක ගන්න බෑ. ඒවා ආනයන තහනම් ලැයිස්තුවට ඒ පෑනෙන්ම අත්සන් කරලා...
මිනිස්සුනේ කුහක වෙන්න එපා... මේ මනුස්සයා සර්ව සම්පූර්ණ නැති වුණත්, අපේ ජාතික ජනයා පවුල් පිටින් එකතු වෙලා හොරකම් කළ හොරෙක් නොවේ.. පාර්ලිමේන්තුවේ සහ දේශපාලනයේ මෙවැනි පුද්ගලයින් විරලයි...
රංජන්ගේ පුටුව ගත්තු හරීන් ෆොන්සේකාට මොකද වෙන්නේ?