( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රංජන් රාමනායක මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග 24 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීමේ දිනය එදින දෙපාර්ශවයට දැනුම් දෙන බවද අභියාචනාධිකරණය නිවේදනය කළේය.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ලක්ෂයකට වැඩියෙන් ගත්තු කෙනෙක් නේද මේ?
මොකක්ද මේක ඇද ඇද ඉන්නේ අවරුදු 40 ක්ම තීරණයක් ගන්න එපා කීවම ඉවරයිනේ. මොකද මෙයා පාර්ලිමේන්තුවට නැතුවම බැරි මිනිහෙක්ද? විකාර.
චොකා මල්ලි .. නැත්තම් ඔනි නෑ . මොකටද වචන නාස්ති කරන්නේ