IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රැජිනගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය, දින 11 ක ශෝක කාලය අවසන් කරමින් අද (19) පැවැත්වීමට නියමිතය. වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11 ට අවසන් විය.

ඉන් අනතුරුව, රැජිනගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.14 ට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය වෙත රැගෙන යනු ඇත.

රාජකීය පවුලේ සාමාජිකයන් ද අවමංගල්‍ය පෙරහර සමඟ පා ගමනින් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය වෙත ගමන් කිරීමට නියමිත බව බීබීසී පුවත් සේවය පවසයි.

රැජිනගේ දේහය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.22 ට වෙස්ට්මිනිසට්ර් දේවස්ථානයේ ඉදිරිපස දොරටුව වෙත ළඟා වීමට නියමිත අතර, එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.25 ට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ සහ බි්‍රතාන්‍යයේ විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් රැජින වෙනුවෙන් රකින බව පැවැසෙයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට රැජිනගේ අවමංගල්‍ය උත්සවය අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 5.30 ලන්ඩනයේ සුප්‍රසිද්ධ වෙලිංටන් ආරක්කුව වෙත දේහය රැගෙන යන අතර එහිදී රැජිනගේ දේහය අවමංගල්‍ය රථයක තැන්පත් කිරීමෙන් පසු රජ පවුලේ සාමාජිකයන් වින්ඩ්සර් මාලිගය වෙත පිටත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.36 ට රැජිනගේ දේහය රැගත් අවමංගල්‍ය රථය වින්ඩ්සර් මාලිගය වෙත පැමිණෙන අතර එහි සිට ශාන්ත ජෝර් ජ් දේවස්ථානය කරා රැජිනගේ දේහය රැගෙන යන ගමනේදී තුන්වෙනි චාල්ස් රජු සහ රාජකීයයන් පා ගමනින් ඊට එක් වනු ඇත.

අනතුරුව ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30 ට ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රැජිනගේ දේහය තැන්පත් කිරීමට සූදානම් කිරීමේ චාරිත්‍ර ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 12.00 ට පමණ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය, වින්ඩ්සර් මාලිගයේ 6 වැනි ජෝර්ජ් රජතුමාගේ (එලිසබත් රැජිනගේ පියා) අනුස්මරණ දේවස්ථානයේදී  පිලිප් කුමරුගේ දේහය සමග තැන්පත් කිරීමට නියමිත බව බීබීසී පුවත් සේවය පවසා ඇත.

(බීබීසී)



අදහස් (0)

රැජිනගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site