
හදිසියේ ඇති වූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවක් ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත් මහතා රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චිත්‍රපටයක් රූගත කිරීම සඳහා හෙතෙම හයිද්‍රාබාද් නුවරට පැමිණ ඇති අතර එහිදි ඔහුගේ රුධිර පීඩනයේ ඇති වූ හදිසි උස් පහත් වීම් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර තිබේ.
පසුගිය දින දහය මුළුල්ලේ ප්‍රවීණ නළු රජිනිකාන්ත් හයිද්‍රාබාද් හි සිට ඇති බවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (25) උදෑසන ඔහු රෝහල් ගත කෙරුණු බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හයිද්‍රාබාද් නුවර ඇපලෝ රෝහල සඳහන් කළේ ය. ඔහුඇතුළත් කර ඇත්තේ ද එම රෝහල ටය .
රජිනිකාන්ත් මහතා සමඟ රූපගත කිරීම්වලට සම්බන්ධ වූ කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව දෙසැම්බර් 22 වැනිදා තහවුරු වූ බවත් කෙසේ නමුත් රජිනිකාන්ත් මහතාට වයිරසය ආසාදනය වී නැති බවත් පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වූ බවත් රෝහල නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
රජිනිකාන්ත් වෙනමම තබා ඔහුගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද රෝහල සඳහන් කළේය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි බලාගෙන, මෙයා කොටින්ට උදවු කරනවා
දේශපාලනේට එන්න කලින්, අනුකම්පාව දිනා ගන්න කරපු එයාගේ ‘ ස්ටන්ට්‘ එකක් මේකත්. හැබැයි කමලහසන් එක්ක එකතුවෙලා දිනුවොත්, අපට දරා ගන්න බැරි තරම් කරදර පිට කරදර ඒවි...
ඉතින් අපිට මොකෝ...?
ඔන්න ඉන්දියාවේ කීප දෙනෙක් යන්න හදන කාලේ ඇවිල්ලා...