(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ඇමැති තනතුරක් දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාටද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
"රෝහිතට නොදී රාජිතට විතරක් ඇමැති තනතුරක් දෙන්න එපා" යැයි ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
රෝහිත අබේගුණවර්ධන මහතා පක්ෂයේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයකු වන හෙයින් රාජිත සේනාරත්න මහතාට පමණක් ඇමැති තනතුරක් දුනහොත් එය රෝහිතට කරන බරපතළ අසාධාරණයක් බව පක්ෂය ජනාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතා නව අමාත්‍ය ධුරයක් ළඟදීම බාරගැනීමට සූදානමින් සිටින බව පසුගිය සති කිහිපය පුරාම විවිධ මාධ්‍ය වාර්තා පළවිය. මේ අතර ඇමැති ධූර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම් ලයිස්තුවක්ද කලකට පෙර ජනාධිපතිවරයාට බාරදී තිබුණේය. එම ලැයිස්තුවටද රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළත් ව සිටියේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලි ලැජ්ජාවක් නැහැ... ඇමැතිකම් ගන්නේ රට තවත් කබලෙන් ලිපට දාන්න වෙන්න ඇති...
69 ලක්ෂයක් ඡන්ද අරන් ඉන්න අය පැත්තක පනින ගෙම්බන්ට ලොකු තනතුරු...
සුවපති රන්පති එකවල්ලේ පොල්.
කලින් හිටි සියලුම ඇමතිවරුන්ට දෙන්න. ඒ අයගේ පවුල්වල අය ඉන්නවා නම් ඒ අයටත් ඇමතිකම් දෙන්න. රෝහිතට විතරක් එපා.
මටත් තිබුණේ ඉස්කෝලේ නොගිහින් කෝච්චියේ මාල කඩන්න.
දෙයියෝ සාක්කි! මෙහෙමත් රටක්. ඇමති කම් දෙන්නේ රට ගොඩ නගන්න නෙවෙයි, එක එකාගෙ හයිය ගොඩනගා ගන්න.
හරියටම හරි .රෝහිත අබේගුණවර්ධන කළුතරට සියල්ල කළා. ඔහුට වහාම ශක්තිමත් ඇමති ධුරයක් ලැබිය යුතුයි.
එතකොට ජොන්ස්ටන් ටත් දෙන්න ඕන .කාලකන්නි සෙට් එක රට කනවා
හොරා ඇල්ලුවාම පොලිසියට තෑග්ගක් දෙනවා නම් ඒක පොලිසියට ලැබුනේ හොරා නිසා කියලා හොරාටත් තෑගි දෙන්න කියනවා වගේ කතාවක් තමයි පොහොට්ටු කාරයෝ කරලා තියෙන්නේ...
ඔය කාටවත් දෙන්න එපා. දෙන්නගේම කෙරුවාවල් ගැන දන්නෝ දනිති. රාජිතයා එහෙට මෙහෙට පැනලා දත් ගලවපු හැටි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, ඔබතුමන් සෘජු තීරණ ගනිමින් රට නිවැරැදිව ගෙන යාම සම්බන්ධයෙන් ප්‍රණාමය පුදකරමි. මේ රටට අවශ්‍ය මෙලෙස සෘජු තීරණ ගන්නා නායකයෙකි. උදේට ගන්නා තීරණය සවසට වෙනස් කළ ආකාරයක් පසුගිය කාලය පුරා දක්නට ලැබිණි. ජනාධිපතිතුමනි, එසේම පවතින ඇමැති මණ්ඩලය මීටවඩා වැඩි නොකරන ලෙසද රටට ආදරය කරන පුරවැසියෙක් ලෙස ඉල්ලා සිටිමි. දැනට පවතින ඇමැති මණ්ඩලයෙන් රට හොඳින් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇත.
දෙන්නම හොරු...
අවුලක් නෑ දෙන්නටම දෙමු... මෙහෙමත් අය...
අපායට ගියත් මොවුන් ඇමැතිකම් ඉල්ලලා පෝරකයේ යම රජු ලෝදිය ඇමැතිකම දෙනකොට අනිත් කෙනාට ගිනිගෙන දැවෙන ඇමැතිකම...
මේ තුට්ටුදෙකේ පක්ෂ හැමදාමත් කළේ ඇමැතිකම් බෙදාගෙන ඔවුන්ගේ මල්ල තරකර ගන්න. මොවුන් රට ගැන හිතන අය නෙවෙයි. කවදා මේ රට හරි මගකට හදන්නද කියලා පේනතෙක් මානයක ඉඟියක් නැහැ. මෙහෙම ඇමැති පොරයකට ලෑස්ති වුණොත්... හැමදාමත් වුණේ ඕකමනේ... මේවා මිනිස්සු ඉල්ලන දේවල් නෙවෙයි.
විද්‍යාත්මක ක්‍රමය. ඕක ඉස්කෝලවලත් උගන්වන්න.
මොන පක්ෂයට ඡන්දෙ දුන්නත් මනාපෙ ගහනකොට මෙවැනි පරණ හොරුන්ට කතිරෙ නොගසන්න වගබලා ගන්න. උගත් අවංක කෙනෙකුට මනාපේ ගහන්න. නැතිනම් සදාකල් දුක් විඳින්න සිදුවේවි.
පක්ෂය ගොඩනගන්න කැපවුණා කියලා ඇමැතිකම් දීලා හරියන්නේ නෑ. රට ගොඩනගන්න කැපවුණු කෙනෙකුට ඇමැතිකම දෙන්න.
බලලෝභී, බඩගෝස්තරවාදී තමුන්ගේ පැවැත්ම ගැන හිතන දූෂිත දේශපාලුවෝ...
මේ මජර දේශපාලන සංස්කෘතිය අතුගා දමන කම් මේ රටට වගතුවක් වෙන්නේ නැහැ.
ලෝකයේ කිසිම රටක නැතුව ඇති ලන්කාවේ වගේ ඇමතිවරු .ඊට වඩා ලැජ්ජයි ඇමතිකම් වලට පොරකන හැටි ?
කිඹුලාට දෙන්න හොඳම තනතුර තමයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක..., මට මතකයි පාස්කු ප්‍රහාරයට මාස කිහිපයකට කලිනුත් සැරෙන් සැරේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා රටේ කිසිම ඉස්ලාමීය ත්‍රස්තවාදී තර්ජනයක් නැහැ. ඔය එක එක අය කියන්නේ සම්පුර්ණ බොරු..., රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරලා තියෙන්නේ කියලා...
රාජීතයි, රෝහිතයි අහසට, පොළව වගේ... රෝහිතට ආයෙත් දෙනවා නම් දෙන්න වෙන්නේ කොච්චීයේ මාල කඩන්නද? ඉන්න හිතෙන රටක්...!
රටට හෙන ගැහුවත් කමක් නෑ ,තොපිට හරියනවා නම් .කාලකන්නි හැත්ත
දෙන්න නොවෙයි තිබෙන්නේ මොවුන්ව පන්න දමන්න. රාජිතට දෙන්නේ මොන කෙන්ගේඩියකටද? මොකද රාජිත කියන්නේ රටට නැතිවම බැරි හාදයෙක්ද? එක පොල්පිත්තකින් රාජිතලා 10 -12 කපා ගන්න පුළුවන්.
දෙන්නටම දෙන්න ඕනේ 2 X 2 පොල්ලකින් හොඳට දෑත බදලා.මුන් ඔක්කොම හොරු ,මුන් ඔක්කොම යාළුවො
මේකේ දාලා තියෙන අදහස් ටික දැක්කා නම්, රාජිතට මොළයක් තිබෙනවා නම් වහාම දේශපාලනයෙන් සමුගෙන, හම්බ කරගෙන තිබෙන ධනයත් රැගෙන පිටරටක පදිංචියකට යන්න... මිනිස්සු නැවත ඇවිස්සුණොත් අනිවාර්යයෙන්ම ගහලා, මරලා දානවා.
රටේ ලොකුම ප්‍රශ්නෙන් මේ අයගේ ඇමැතිකම්ලු....