(අංජුල මහික වීරරත්න)
නව පාර්ශ්වය විසින් රජයේ සේවකයින්ට නිකුත් කරන නියෝග නීති විරෝධී හා බල රහිත බවද ඒවා නොපිළිපැදිය යුතු බවද දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට , ආයතන ප්‍රධානීන්ට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිතව දන්වා යවා ඇත.
‘‘රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය පිළිබඳ අමාත්‍ය‘‘ යන ලිපි ශීර්ෂයෙන් යවා තිබෙන එම ලිපියෙන් කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු උපුටා දක්වා තිබේ.
නව පාර්ශ්වයට හිමි බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගන්නා බවට කතානායකවරයා දන්වා තිබෙන හෙයින් බල රහිතව නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා බවද ඒ හේතුවෙන් වැය වන මුදල් සහ එමගින් රජයට සිදුවන පාඩුව එම නියෝග නිකුත් කරන හා පිළිපදින අයගෙන් අධිභාරයක් සේ අයකර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා යැවූ ලිපියේ සඳහන්ය.
රංජිත් මද්දුම බණ්ඩාර විසින් පොලිස්පතිවරයාට යැවූ ලිපියේ අගමැති,අමාත්‍යවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමෙන් වැලකි සිටිය යුතු බවද ඔවුන්ට පෙර පරිදි ප්‍රදානය කර ඇති අරක්ෂාව ඇතුළු සියලු පහසුකම් ලබා දෙන ලෙස නියෝග කරන බවද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කිසිදු පැත්තට නැතිව කියන්නේ ,මහින්ද මහත්තයා දිනනවා.
රජයේ සේවකයින්ව ගිරයට අහුවුණ පුවක් ගෙඩි බවට පත් නොකර ඔයාලගෙ දේශපාලනය වෙන විදිහකට කරගත්තොත් නරකද?
ජයන්ත මිලානෝ, එතකොට එයා ඉන්නේ කොයි පක්ෂේද?
වැදගත් වන්නේ දිනන්නේ කව්ද යන්න නොවේ, කුමක්ද කලේ කුමක්ද මේ වෙන්නේ යන්නය, ජනතාව ඉදිරි ඡන්දයදී තීන්දු ගතයුත්තේ එවැනි දේ බලලය. මේ සියලු දෙනා ප්‍රතික්ෂේප කලයුතු කාලය පැමිණ ඇත.
වැඩේ වරදුනන් පස්සෙනේ ජනතාවට සේවය කරන්න මතක් වෙලා තියෙන්නේ...
අහිංසක රජයේ නිලධාරීන් අපහසුතාවයට පත්කරන්න එපා...