IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධූරයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව)  සභාපතිවරයා ලෙස  වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

මෙම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාද සමගි ජන බලවේගය පක්ෂයෙන් එරාන් වික්‍රමරත්න මහතාද ඉදිරිපත් වූහ.

ඡන්ද විමසීමේදී  රංජිත් බණ්ඩාර මහතාට ඡන්ද දාහතරක් ලැබුණු අතර එරාන්  වික්‍රමරත්න මහතාට ලැබුණේ ඡන්ද හතක් පමණි.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය චරිත හේරත් මහතාය.



අදහස් (9)

රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධූරයට

pradeep Thursday, 06 October 2022 12:12 PM

ලොකුම හොරාගේ හොඳම ගොලයාගෙන් පේන ඇසීම

:       1       18

sarath kuru Thursday, 06 October 2022 12:26 PM

කවුරු ආවත් වැඩක් නැහැ

:       1       5

Mithrasiri Thursday, 06 October 2022 12:30 PM

මොලහතානෝ මෙයාව සභාපති කරවන බව දැන් දින කීපයකට කලින් විමල් වීරවංශ ප්‍රකාශ කලාම මේ මහා ආචාර්ය ට නහුතෙට තදවුනා. දැන් මොකද කියන්නෙ ?

:       1       14

Lalindra Thursday, 06 October 2022 12:34 PM

ඔය කෝප් එක වහලා දාන එක හොදයි. අපරාදේ ඒ වෙනුවෙන් වියදම් කරන සල්ලි සහ කාලය. හොරකමට ලොජික් දීලා එක හේතු යුත්ත කරලා නිතිගතත් කරයි. පාස් පොර්ට් හදාගනිල්ලා. මේක මුන්ටම දීලා ඇෆ්ගනිස්තානෙට හරි යමල්ලා

:       1       14

fairoos Thursday, 06 October 2022 12:35 PM

මහාචාර්යවරයෙක් නේ ,එහෙනම් හොඳටම කඩේ යයි

:       1       6

J.M පද්මසිරි Thursday, 06 October 2022 12:58 PM

චරිත හේරත් මහත්මා,හර්ෂ ද සිල්වා මහතා මෙන් ඔබද ජනතාවගේ පැත්තේ හිටගනීවි. අනීතික දේ අපවෙත දැනුවත් කරන්න හදන්න වල් වැදුන මූල්‍ය විනය..සුභ පතමි

:       15       0

චිරන්ත Thursday, 06 October 2022 01:19 PM

රංජිත් බණ්ඩාර කියන්නෙ මොන අංශයේ මහාචාර්ය වරයෙක්ද මම දන්නෙ නැහැ මූල්‍ය අංශයේ නම් වරදක් නැහැ නමුත් එරාන් කියන්නෙ මූල්‍ය කළමනාකරණය ගැන දන්නා උගතෙක් කියලා අහල තියෙනවා කොහොම නමුත් අරගලයට ජයවේවා කියමු

:       2       12

Senerath Thursday, 06 October 2022 03:49 PM

මෙතන තියෙන්නේ උගත්කමේ ප්‍රශ්නයක් නෙවෙයි. කොන්දේ ප්‍රශ්නයක්. තමුන්ගේ උගත්කමේ හෝ රැකියාවේ ගරුත්වය රැකෙන අයුරින් වැඩ කරනව නම් ඒක තමා අවශ්‍ය. ඒ විදියට වැඩකළා ඩිව් ගුණසේකර මැතිතුමා, හදුන්නෙත්ති සහෝදරයා සහ චරිත හේරත් මැතිතුමා. මොහුගෙන් ඒ සේවය වේවිද කියලා අපට සාධාරණ සැකයක් තියනවා.

:       0       0

Lalith M Thursday, 06 October 2022 07:15 PM

පඩංගු මහ ඇදුරෙක්. රාජපක්ෂ පවුලේ අසූචි සෝදන්නෙක්........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site