
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
මෙම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාද සමගි ජන බලවේගය පක්ෂයෙන් එරාන් වික්‍රමරත්න මහතාද ඉදිරිපත් වූහ.
ඡන්ද විමසීමේදී රංජිත් බණ්ඩාර මහතාට ඡන්ද දාහතරක් ලැබුණු අතර එරාන් වික්‍රමරත්න මහතාට ලැබුණේ ඡන්ද හතක් පමණි.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය චරිත හේරත් මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම හොරාගේ හොඳම ගොලයාගෙන් පේන ඇසීම
කවුරු ආවත් වැඩක් නැහැ
මොලහතානෝ මෙයාව සභාපති කරවන බව දැන් දින කීපයකට කලින් විමල් වීරවංශ ප්‍රකාශ කලාම මේ මහා ආචාර්ය ට නහුතෙට තදවුනා. දැන් මොකද කියන්නෙ ?
ඔය කෝප් එක වහලා දාන එක හොදයි. අපරාදේ ඒ වෙනුවෙන් වියදම් කරන සල්ලි සහ කාලය. හොරකමට ලොජික් දීලා එක හේතු යුත්ත කරලා නිතිගතත් කරයි. පාස් පොර්ට් හදාගනිල්ලා. මේක මුන්ටම දීලා ඇෆ්ගනිස්තානෙට හරි යමල්ලා
මහාචාර්යවරයෙක් නේ ,එහෙනම් හොඳටම කඩේ යයි
චරිත හේරත් මහත්මා,හර්ෂ ද සිල්වා මහතා මෙන් ඔබද ජනතාවගේ පැත්තේ හිටගනීවි. අනීතික දේ අපවෙත දැනුවත් කරන්න හදන්න වල් වැදුන මූල්‍ය විනය..සුභ පතමි
රංජිත් බණ්ඩාර කියන්නෙ මොන අංශයේ මහාචාර්ය වරයෙක්ද මම දන්නෙ නැහැ මූල්‍ය අංශයේ නම් වරදක් නැහැ නමුත් එරාන් කියන්නෙ මූල්‍ය කළමනාකරණය ගැන දන්නා උගතෙක් කියලා අහල තියෙනවා කොහොම නමුත් අරගලයට ජයවේවා කියමු
මෙතන තියෙන්නේ උගත්කමේ ප්‍රශ්නයක් නෙවෙයි. කොන්දේ ප්‍රශ්නයක්. තමුන්ගේ උගත්කමේ හෝ රැකියාවේ ගරුත්වය රැකෙන අයුරින් වැඩ කරනව නම් ඒක තමා අවශ්‍ය. ඒ විදියට වැඩකළා ඩිව් ගුණසේකර මැතිතුමා, හදුන්නෙත්ති සහෝදරයා සහ චරිත හේරත් මැතිතුමා. මොහුගෙන් ඒ සේවය වේවිද කියලා අපට සාධාරණ සැකයක් තියනවා.
පඩංගු මහ ඇදුරෙක්. රාජපක්ෂ පවුලේ අසූචි සෝදන්නෙක්........