(ඩයනා උදයංගනී)
රාජකාරියේදී නම්‍යශීලී වේලාවන් හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
එහිදී සතියකට ආවරණය කළ යුතු පැය ගණන වේලාසන හෝ ප්‍රමාද වී පැමිණ ආවරණය කිරීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරෙමින් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව සතියකට රාජකාරී කළ යුත්තේ පැය 40ක් නම් වේලාසනින් හෝ ප්‍රමාද වී පැමිණ එම පැය 40 සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් වන බවත් ලොව වෙනත් රටවලද මේ ආකාරයේ ක්‍රමවේද පවතින බවත් ගම්මන්පිල මහතා පැවසීය.
ආයතනයක සියලු දෙනා එකම වේලාවක වැඩ ආරම්භ කර, අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් ඇතිකිරීම පිළිබඳව රජය අධ්‍යයනය කරමින් සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හොඳයි වැඩ කරන මිනිස්සුන්ට, මිනිස්සු වෙනුවෙන් සේවයක් කරලා වැටුප් ලබන මිනිස්සුන්ට, අනිත් උදවියට නම් කාටද ඉනිමං බැන්දා වගේ තියේවි.
කවද්ද රාජ්‍ය සේවකයෝ හරියට වේලාවට පටන් ගෙන අවසන් කරලා ගියේ? මේකත් ඉතිං අමතර වැඩපලක වැඩ කරන රාජ්‍ය සේවකයින්ට නියම අවස්ථාවක්.. මේක තමයි අලුත් සිස්ටම් එක..
තියන එකත් නැතිවෙන්න මුලක්... මෙහෙමවත් වැඩක් කරගන්න හම්බවෙන්නේ නැහැ...
එතකොට මේ ආයතනවලින් සේවය ලබා ගන්නා මහජනයාටත්, නම්‍යශීලී වේලාවන් වලට මේ ආයතනවලට ගොස් තමන්ට අවශ්‍ය සේවාවන් ලබා ගත හැකිද?
වැඩක් කරගන්න යන මනුස්සයාට දිවැස් තියෙන්න ඕනෑ නිලධාරියා ගෙදරින් පිටවෙන වෙලාව දැනගන්න.