IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


රාජකාරියට බාධාකළ හිමිනම අත්අඩංගුවට

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල පළාත් මහ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාගේ සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමි නමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන සිටින හිමියන් තවත් හිමි නමක සමඟ කුරුණෑගල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර සේවාවක් ලබා ගැනීම සඳහා ගොස් සිටියදී වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් නොසැලකිලිමත් ලෙස ප්‍රතිකාර ලබා දුන් බවට එල්ල වන චෝදනාවක් මෙම සිද්ධියට මූලික වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිමිනම විසින් කුරුණෑගල පළාත් මහ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ඒ මහතා පියවර ගෙන ඇත.

එසේ කටයුතු කරමින් සිටියදී මෙම හිමිනම තමන්ටත් තම කාර්ය මණ්ඩලයටත් අපහාස වන ආකාරයට විවිධ වීඩියෝ සකස් කර මුහුණු පොතට මුදා හැර ඇති බව සඳහන් කරමින් වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා කුරුණෑගල මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර හිමියන් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේරාජකාරියටද බාධා වන හැසිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර හිමි නම අද  (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවතිබුණි.

කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් අනුව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

 

 



අදහස් (0)

රාජකාරියට බාධාකළ හිමිනම අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31027 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13152 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site