
(අංජුල මහික වීරරත්න)
මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලයේ දී අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.
රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක කවීෂ රත්නායක ප්‍රමුඛ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විද්‍යාලයේ කටයුතු මෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ සිසුන් නැඟු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
මෙහිදී ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව සිසුන්ගෙන් කරුණු විමසීය .එහිදී සිසුන් ජනාධිපතිට කීවෙි විදේශීය උසස් අධ්‍යාපනයේ උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය සහ දේශීය විශ්වවිද්‍යාලයක ගතවන කාලය අතර දැඩි වෙනසක් ඇති බවයි.
එය පිළිගත් ජනාධිපතිවරයා සදහන් කළේ ඒ ගැටලුව විසඳීමට විධිමත් පිළියමක් නුදුරේදීම යෙදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම විදෙස් අධ්‍යාපනයට වඩා දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයේ ඇති වටිනාකම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාසල් අධ්‍යාපනය නිමා කර උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රජය පියවර රැසක් ගෙන ඇති බවත්, කුරුණෑගල සහ මඩකලපුව ඇතුළු නව විශ්වවිද්‍යාල කිහිපයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනම මණ්ඩපයක් බවට පත් කිරීමටත්, ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල ( NSBM) හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජාතික විශ්වවිද්‍යාල සුදුසුකම ලබාදීමට ඇති අවස්ථාව පිළිබඳ කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල නවක වදය පිළිබඳව මෙහිදී සිසුන්ගෙන් විමසු ජනාධිපතිවරයා සඳහන් කළේ රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය ආදී කොළඹ පාසල්වලින් වාර්ෂිකව විශ්වවිද්‍යාල සඳහා වැඩි සිසුන් පිරිසක් ඇතුළත් වූ නමුත් නවක වදය ක්‍රියාත්මක වීමේදී ඔවුන් ඒ පිළිබඳව නිහඬතාවක සිටින අයුරු පෙනී යන බවයි.
එම පාසල්වලට, නවක වදය වැළැක්වීම සම්බන්ධයෙන් යුතුකමක් ඇති බවත් ඒ වෙනුවෙන් පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකයන්ට පාසල් කාලයේ සිටම යම් වගකීම් සහගත කාර්යයක් ඉටුකළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතා සුන්දර බවත්, නවක වදය හේතුවෙන් සිසුන් කායික හා මානසික පීඩාවලට ලක්වන තත්ත්වය ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව අවධාරණය කළේය.
රාජකීය විද්‍යාලයේ දියුණුව සහ විද්‍යාලයේ කීර්තිනාමය වෙනුවෙන් ශිෂ්‍ය නායක මණ්ඩලය ඉටුකරන කාර්යභාරය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් රෝයල් කෝලම පටන් අරගෙන, පිනට ජනාධිපතිකම අරගෙන එහෙම නම් හරියට පත්වුණා නම් මොනවා නොකරයිද තම පන්තියට...?
නමටත්. ලැජ්ජයි කරන කරපු දෙවල් බලනකොට. අනගත තරුණ පරපුරට කියලා දෙන්න කොන්ද පණ ඇතිව. නීතිය අතට අරගෙන වැඩ කරන්න. තමන්ට පෙර රටත් වැසියත් ගැන හිතන්න. ජනාධිපති වුණත් එකයි. ඉන්දලා ගියත් එකයි... නීතිය සැමටම පොදුයි කියන දේ වටහා දෙන්න. ඔබට වැරදුණු තැන් බොහෝමයි. දැනටත් කරන්නේ නිවට වැඩ. නමට ජනපති. දරුවන්ට කියන්න. ජනතා ඡන්දෙකින් මිසක්. ජනාධිපති නොවෙන්ඩ කියා. හොරුන්ට හොරාකාපු මුදල් බලෙන් රටේ වගකිම ඔවුන්ට කැමැති කෙනෙකුට බාර දෙන්න බැහැයි කියන නීතිය හදා ගන්න කියන්න. ඉගෙන ගන්නවා වගේම. මනුස්සකම දුප්පතාගෙ දුක දැනගැනීම තමයි ඉතා වැදගත්. ඒකයි රාජකීයන්ගේ නම ගෙනියන්න පුළුවන් එකම දේ. දැන් ජනතාව මටත් බනිනවා. උගන්නපු ගුරුවරුන්ටත් බනිනවා. කොන්ද පණනැති නිසා මාව ආදර්ශයට නොගෙන. 1942න් පස්සේ රට කරපු 1974 දක්වා ඒ බුද්ධිමත් නායකයින් ආදර්ශයට ගන්න කියලා මගේ අඩිපාරේ ගියොත් ගුටිකන්න වෙන්නේ කියන එක මතක් කරන්න.
විශ්වවිද්‍යාල නවක වදය පිළිබඳවද ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ අනුමත පනතක් තිබෙනවා. කොහෙද ඉතින් පිනට ආවාම ඕවා ගැන දන්නේ...?
මේ ළමයින්ගේ සීයාගේ කාලේ ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්න. 6 සැරයක් අගමැති වුණු කෙනා ඊයේ පෙරේදා ඉපදුණා වගේ... අපේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන මේ පොඩි ළමයින්ගෙන් අහනවා...
කොළබට කිරි ගමට කැකිරි !!! එක ප්‍රදේශයකට විතරක් උපරිම සැප දෙන්නෙ නැතුව රටේ අනික් පාසලුත් රෝයල් එකේ මට්ටමට අරන් ඉන්න.
ඔබ කොහේ ඉගෙන ගත්තත් රටටම ජනාදිපති බව හිතන්න. හැමට ඝමානව සලකන්න. ජය.
රනිල් මහත්තයෝ ශයාගේ නම රාජකීය වුණාට වැඩ නම් අජූතයි. සුද්දො හදලා ගියාට පස්සේ එක ඉස්කෝලයක්වත් හරියට හදාගන්න බැරි අම්බරුවෝ බයිලා කියනවා.
කැමති කොල්ලො ටිකක්
ගමේ ළමයින්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හිඟයක් නැතිව ලබා දෙන මේ කාලකන්නිය ඉහළ පැලැන්තියේ දරුවන් සමග සාකච්ඡා පවත්වන්නේ කුමන හේතුවක් නිසාද? පස්සා දොරින් පැමිණි මේ මිනිහට සාකච්ඡා පැවැත්වීම හැර කළ හැකි වෙන කිසිදෙයක් නැත.
මෙතනත් අපේ රටේ තියෙන එක ප්‍රධාන දුර්වල කමක් තියෙනවා. ඒ තමයි ඔය එක එක පාසල් වල අය තමන් අනිත් පාසල් වල අයට වඩා හරි උසස් යන හැඟීමකින් කටයුතු කිරීම. එතකොට ඔය පාසල් වලට ඇතුල් වෙන්න බැරි වුනු ගම්බද ළමයි යම් කිසි හිත් වේදනාවකින් ඉන්නවා. මට මතකයි නවකවදය කෙරෙන කොට ඔය රාජකීය විදුහලෙන් එන ළමයිට කියන්නේ කුනුකන්නන්ගරෙන් ආපු අය මෙහාට වරෙල්ලා කියාලා. ආනන්දෙට කියන්නේ කුප්පියාවත්තේ සෙන්ට්‍රල් කියාලා. ඔය ජර්මනිය වගේ දියුණු රටවල සියලුම පාසල් එක හා සමානයි. කාටවත් තමන් අහවල් ඉස්කෝලේ ඉගෙන ගත්තාය කියාලා වෙනම අභිමානයක් නැහැ. උපරිම සිසුන් ගණන 1000යි. අපේ රටේ තියෙන්නේ තාමත් පරණ ක්‍රමයමයි.
රාජකීය විද්‍යාලයටත් මහ අපකීර්තියක් මේ පුද්ගලයා.
රෝයල් එකේ ලොක්කා මෙයාටම ගැලපෙනවා..
ඔබ රාජකීය විද්‍යාලයට ලැජ්ජාවක්!
I did not know that University of Colombo had a Faculty of Engineering! When Sir Ivor Jennings, as the first Vice Chancellor of University of Ceylon, Peradeniya (later, University of Peradeniya) moved the Faculty of Engineering from Colombo to the picturesque Peradeniya, that was the only Faculty of Engineering in the country. The quality of education was excellent then (and there was no ragging, but a friendly process of "initiation"), and each room in a Hall of Residence was meant for just one student (Jayatilaka Hall, I miss you so much). Things changed with time, and there are many faculties of engineering now (but not in the University of Colombo, as far as I am aware). By the way, Sir Ivor became the Vice Chancellor of Cambridge after he left our country. For me, the next best Vice Chancellor of Peradeniya was Prof. EOE Pereia (the first engineering professor to become Vice Chancellor at Peradeniya, I think). May he Rest in Peace! We need more people like him.