(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
දේශපාලන බලපෑම් මත රාජකීය විදුහලේ, විදුහල්පතිධූරයෙන් තමා ඉවත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාතයංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කළ එම විදුහලේ හිටපු විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ගොනු කළ පෙත්සම අප්‍රේල් පළමු වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
දේශපාලන බලපෑම් මත නීතියට පටහැනි ආකාරයෙන් රාජකීය විදුහල්පතිධූරයෙන් තමා ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරීමට අධ්‍යාපන අමාතයංශයේ ලේකම්වරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ද අබේරත්න මහතා සිය පෙත්සමෙන් ඉල්ලීම් කො ඇත.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මුල්ලක් හමුවේ කඳවූ අවස්ථාවේදී පෙත්සම ලබන මස 1 වැනි දා සලකා බැලීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා එතනට පත්කළ ක්‍රමවේදය එතකොට හරිද? එතන දේශපාලනය තිබුනේ නැත්ද?