
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මාදිවෙල ජාතික සඳුන් උයන පිහිටි අක්කර 9 ක භූමි භාගය ජනාධිපති කාර්යාලය ඉදිකිරීමටත් මාදිවෙල කුරුලු උයන සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අක්කර 38 ක භූමිය ජනාධිපති මන්දිරය ඉදිකිරීමට අවධානය යොමු වී ඇත.
තලංගම පිහිටි ජාතික සඳුන් උයන පිහිටි ඉඩම පහළවෙළ ග්‍රාම සේවා වසමට අයත් වන අතර මිරිහාන ප්‍රදේශයට අයත් කුරුලු උයන ඉදිකිරීමට යෝජිත භූමිය මිරිහාන උතුර, මාදිවෙල, ප්‍රගතිපුර, හා උඩහමුල්ල ග්‍රාම සේවා වසම්වලට අයත්ය.
ජාතික සඳුන් උයන ව්‍යාපෘතිය 2021 වසරේ ජූලි මස ආරම්භ කළේ සඳුන් පැළ 1000 ක් රෝපණය කරමිනි. ඒ සඳහා ජනතා මුදල් රුපියල් කෝටි ගණනාවක වැය කෙරිණි.
ඉකුත් අරගල සමයේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අරගලකරුවන් අත්පත් කරගෙන සිටියදී එහි වැදගත් බොහෝ ආරක්ෂක ස්ථානවල ඡායාරූප වීඩියෝ දර්ශන ජංගම දුරකථන සහ විවිධ තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ විවිධ පුද්ගලයන් අතට පත්වීම මෙන්ම ජාත්‍යන්තරය වෙත ද නිරාවරණය වීය.
ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් රජයේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ අවධානය යොමු කර ඇතැයි ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ඉදිකිරීම් නවතා දැමීමට නිකුත් කල චක්‍රලේකය රජමැදුරට උවද අදාල විය යුතුය
කරන්නෙම තේරුමක් නැති වැඩ.
දේශපාලකයන් විසින් රටේ දේ හොරා කාලා රට බංකොලොත් වෙලා.ඒ ගැන සොයා බැලීමට කිසිවෙකු උනන්දු නොවන්නේ මන්ද ? ලෝකය පුරාම ණය වීමට සිදුවෙලා.අහිංසක ජනතාව විඳිනා දුක දන්නේ ඔවුන්ම පමණයි. තත්වය එසේ තිබියදී,රටට ඔරොත්තු නොදෙන මේ ධන විනාශය දේශපාලකයන්ගේ සුව පහසුව සඳහා මිස රටේ ජනතාවගේ යහපත සඳහා නොවන්නේය.නෙළුම් කුළුණ,හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොළ වැනි අකාර්යක්ෂම ඉදිකිරීම් සඳහා මුදල් යෙදවීම හා ඒවාට අධික පොලී සහිත ණය ගෙවීම් නිසා රටට වූ හානිය මෙතෙකැයි කියා කිව නොහැකිය.බංකොලොත් වෙලා තියෙන රටක්, ණය කන්දරාවක් ගෙවීමට තිබෙන රටක් මේ අසීරු හා දුෂ්කර අවස්ථාවේ මෙවැනි නාස්තිකාර වියදම් කිරීම කිසිසේත්ම රටේ ජනතාවට යහපතක් නොවන බව කිවයුතුයි.මේ නාස්තිකරන මුදල් වලින් අලුත් දුම්රිය මැදිරි හා එන්ජින් ටිකක් ගෙන්වා දුම්රිය මඟීන්ගේ ගමන් පහසුව සලසන්න.
එතකොට කුරුලු උයනත් සදුන් උයනත් දෙකම විනාශ කරන්න තමයි ෆ්ලෑන් කරන්නෙ එහෙම නේද ඒවා වෙනුවෙන් වැයකලේ යෝජනා ගෙනා එවුන්ගේ අම්මගෙ අප්පගෙ බූදලයේ මුදල්ද නැත්නම් ජනතා මුදල්ද.කොහොම වුනත් හොද කොමිස් කුට්ටියක් ගන්න ඇතිනේද යකුනේ කරපු වැඩේ එහෙම තියෙද්දී අලුත් එකට අලුත් තැනක් සොයාගෙන නාස්තිය නැතිකරපල්ලා.ඇමරිකන් තානාපති උදාහරණයට ගනිල්ලා
රටම බංකොලොත් වෙලා ලෝකෙන්ම හිගාකකා ඉන්න අතරේ දුප්පත් අපේ වැටුපටත් බදුගහලා හුරංකාලා මෙන්න කරන්න හදන ලොකුම ගොන් වැඩේ.. ඹය සල්ලිවලින් ඉස්පිරිතාලවලට බෙහෙත් අරන් දිපල්ලා
ඒකත් ජනතාවටම ආවා .දැන් ඉතින් තවත් ණයක් ගන්න ලෑස්ති වෙයල්ලා .මරු අරගලේ .මාරු දේශපාලකයෝ
රජගෙදරයි පරණ පාර්ලිමෙන්තු ගොඩනැගිල්ලයි විකුනන්න ප්ලෑන් කරලා වගෙයි
විදායක ජනාදිපතිකම අහොසි කරලා , ඉන්න මොකා උනත් ජනාදිපතියට ඒ පවර්ස්වලින්ම අගමැතිකමේ ඉන්න පුලුවන් නම් ඔය ඔක්කොම ඉතිරියි නේද ? ජනාදිපතියි, අගමැතියි දෙකක් ඕන නැ. .රටේ ඔය තනතුරු 2 තිබුනට රට පාලනය කලේ එක්කෙනයි
හැන්ගෙන්න තැන් ජනතා මුදලින්ම ඉදිකර ගන්නා බව පේනෙනව.
ගොබ්බ අරගලකරුවන්ගේ නොමේරු බව නිසා වනසීමට නියමිත එම මුදල් උන්ගෙන්ම අය කර ගැනීමට බැරි ද?
කිනිතුල්ලෝ බෝ උනාම ඔහොම තමයි, මලත් කොහෙන් හරි ලේ ටිකක් බොන්න බලන්නේ. උන්ට වෙන විකල්පයකුත් නෑ, උන් ලේ නොබි හිටියොත් මැරෙනවා. ඕකුන් වෙන රස්සාවක් කරන්න ඉගෙනගෙන තියෙන එකක් ය. ඕකුනෙන් කියෙන් කියකටද වරායේ සිකුරිටි රස්සවටවත් සුදුසු තියෙන්නේ.
ජන වරමක් නැතිව ව්‍යාවස්ථා ගැටයකින් බලයට පැමිණි රනිල් රාජපක්ෂ, තමන්ට හැමදාම බලයේ ඉන්න පුළුවන් යැයි හිතාගෙන ජනතාවගේ විරෝධයට ලක් නොවී ඉන්න, රටේ ප්‍රධාන වානිජ නගරයෙන් බැහැරව ප්‍රදේශයකට පලා ගිහිල්ලා හැංගෙන්න හදන මෝඩ උත්සාහයක් මේක. ඔතන ජනාධිපති නිළ නිවසක් හැදුවත් අඩුම තරමේ වසර දහයක්වත් යයි. එච්චර කාලයක් ජනාධිපතිකම් කරනවා තියා ජීවත්වේවිද කියලා හිතලා බලන්න වත් මොලයක් මේ මෝඩයට නැහැනේ.
මෙහෙම ලංකාවේ සල්ලි නාස්ති කරන්න උපදෙස් දෙන්නේ කවුද ? දැන් සුහුරුපායෙන් ආයතන 5ක් විතර අයින් කරන්න හදනවා. ඒවා නැවත වෙනත් තැන්වලට ගෙනියන්න කොච්චර සල්ලි නාස්ති වෙනවද. මොකක්ද මේ ලංකාවේ දේශපාලකයන්ට සහ නිලධාරීන්ට වෙලා තියෙන්නේ. කාටවත් කොන්දක් නැත්ද මේ නාස්ති නවත්වන්න.
කලින් නියම කරගත්තු විදියට පළාත් පාලන චන්දෙට වියදම් කරන්ඩ බැරි ආණ්ඩුව දේසපාලුවන්ගේගේ සුකවිහරණය ගැන නම් හිතනවා .
ජනතාවනි දැන්වත් තෙරුම් ගනිල්ල මෙයා ඇවිල්ල ඉන්නෙ ඉතිරි ටිකත් විනස කරල යන්න කියල
මෙම රාජ්‍ය දේපල අරගල කරුවන් අතට පත්වුයේ එවකට සිටි රාජ්‍ය නායකයින්ගේ දුර්වල කම නිසයි. රතුපස්වල වතුර ඉල්ලා උද්ගෝෂණ කල එවුන්ට වෙඩි තිබ්බානම් මේ කාලකන්නි අරගල කාරයින්ට වෙඩි නොතිබ්බේ ඇයි?