(අංජුල මහික වීරරත්න)
අගමැති නියෝග අනුව මහ බැංකුව නිකුත් කළ ඩොලර් වැයකර රේගුවෙන් නිදහස් කළ කිරිපිටි වලින් කොපමණ ප්‍රමාණයක් කල් ඉකුත් නොවී තිබුණේ දැයි රජය වහාම හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය .
රට තුළ පවතින ඩොලර් හිඟය නිසා රේගුවේ දිගු කලක් සිරවී තිබූ කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මහ බැංකුවෙන් නිකුත් කළ ඩොලර් යොදවා නිදහස් කළ ද ආහාර වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වී තිබූ බවට තොරතුරු ඇතැයි ද අබේවර්ධන මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති සාකච්ඡාවක් අතරවාරයේය.
සැලැස්මක්, වැඩපිළිවෙලක් හෝ ඉදිරි දැක්මක් නැතුව රජය මෙතෙක් ක්‍රියා කළ ආකාරයෙන් ම ජනතාවට දැන් කල් ඉකුත් වූ ආහාර ගැනීමටත් සිදුවේ දැයි සැකයක් පවතින බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වජිර ඔයාත් අර කුණු වුණු දේශපාලකයින්ගේ ගොඩට දාපු කෙනෙක් තමයි. ඒනිසා ඔයාලා කියන දේවල් මිනිස්සු තුට්ටු දෙකටවත් ගණන් ගන්නේ නැහැ..
සාමාන්‍යයෙන් විදේශ රටවල සිට ගෙනෙන භාණ්ඩ බොහොමයක් වසර දෙකකට වඩා කල් ඉකුත්වීමේ දින සටහන් කරන ලද ඒවා. කිර්පිටි වුවද එසේමයි. ඉතිං මාස හතර පහක් වරායේ තිබුණු භාණ්ඩ කල් ඉකුත්වීමට හැකියාවක් නැත. මෙපමණ භාණ්ඩ ගොඩක් ළඟ කල් ඉකුත්වීමේ භාණ්ඩ නම් එවැනි භාණ්ඩ ගෙන්වන ලද සමාගම්වලට දෙවියන්ගේම පිහිටයි...
රටේ පුරවැසියන් ඇත්ත දැනගනන කැමතියි