(යොහාන් භාසුර)
ගුවන් මගියකු ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ කරතමුංගු සහ කහ තොගයක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට සහය දැක්වූයේ යැයි චෝදනා එල්ල වී තිබෙන රේගු නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.
අදාල ගුවන් මගියා සිය ගමන් මල්ලේ සම්පූර්ණයෙන්ම කරතමුංගු සහ කහ ගබඩා කරගෙන පැමිණ ඇති බවත් චෝදනා ලාභී රේගු නිලධාරියාගේ සහයෙන් ගුවන් තොටුපලෙන් පිටවී ඇති බවත් වාර්තා වේ.
ඔහු ගුවන් තොටුපලෙන් පිටවීමෙන් පසුව වෙනත් රේගු නිලධාරීන් කණ්ඩායමකට ඇති වූ සැකය මත කළ පරීක්‍ෂාවකදී ගමන් මල්ලේ තිබී කරතමුංගු කිලෝ හයක් සහ ඉන්දියාවේ නම ගිය කහ වර්ගයක පැකට් 88 ක් සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු නිලධාරින්ට ගතමනාවක් දීලා පන්නපුවා ඕන හැටියේ...? දන්නෝ දනිති .
ඒ ටික විනාශ කරන්නේ නැතුව සතොසට දෙන්න...
මහා දැවැන්ත වැටලීමක් නේද? මොනවද මේ විහිලු...?