
(යොහාන් භාසුර)
ආනයනික විස්කි ලීටරයකට රුපියල් 4,000 ක තීරු බද්ධක් පනවන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ විස්කි බෝතලයක් රුපියල් 1,500 බැගින් රේගු මූලස්ථානයේදී එහි සේවයන්ට අද (17) අළෙවි කළ බව දැනගන්නට තිබේ.
රාජසන්තක කළ විස්කි මෙසේ අඩු මිලකට අළෙවි කිරීමෙන් රජයට විශාල පාඩුවක් වීම නිසා ආර්ථික වැටී තිබෙන මෙවැනි අවස්ථාවක රාජ්‍ය ආයතනයක් මෙවැනි දෙයක් කිරීම විවාදයට තුඩු දෙන බවත් මෙය රේගු දෙපාර්තමේන්තුව උත්සව සමයේ පුරුද්දක් ලෙස කරගෙන යන දෙයක් බවත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.
කොළඹ කොටුවේ පිහිටි රේගු මූලස්ථානයේ සේවක සේවිකාවන් මුලු පුරවාගෙන විස්කි අද දින රැගෙන ගිය බවත් ඇතැමුන් අඩු මිලට ලබාගන්නා විස්කි රැගෙන ගොස් වැඩි මිලට අළෙවි කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැමුන් නොවේ ඔක්කෝම කරන්නේ ආපහු විකුණන එක. දැන් ඕවා එළියෙ විකිණෙන්නේ අධික මිලගණන්වලට. රජයට සත පහක ආදායමක් නැතුව හිඟන අඩවියක ඉන්න වෙලාවේ මේවා වෙළඳ පොළ අගයට විකුණලා අමතර ආදායමක් හොයාගත්තා නම් මොකද?!!! හැමතැනම වෙන්නේ යටිකූට්ටු වැඩයි, වංචාවයි විතරයි.
අප්පට හුඩු... මරු ආයතනේ... කියන්න වදන් නෑ. අනිකුත් රාජසන්තක කළ බඩුත් මේ උත්සව සමයේ රේගු සේවකයන් අතරම බෙදාගෙන ගොස් ගොඩ පලයල්ලා.
දුක් මහන්සි වෙලා මැද පෙරදිග මිනිස්සු ගේන විස්කි සේවකයන්ට නීතිමය කරුණක් මත රාජසන්තක කරලා තමන්ගේ පුද්ගලික පරිහරණයට ගෙනියන්න පුළුවන්ද? වෙන්දේසි කරන්න ඕනෑ නැද්ද?
රාජසන්තක වූ විස්කි, රේගු සන්තක කිරීමක්...
මේ අයගේ ගෙවල් වල අයටත් හෙන ගහනවා...
වෙසක් වලට එපා නම් නත්තලටත් එපා කියලා නේද කිව්වේ...?
බලය තියෙන හැමකෙනාම වංචාවට පුරුදුවෙලා ඉන්නේ. සමහර ආයතන හොර ගුහාවල්. රාජ්‍ය ආයතන සියල්ලම කැමරා පද්ධතියකින් නිරීක්ෂණය කළ යුතුයි. සියලුම සේවා ඩිජිටල්කරණයට ලක්කර online payment එකක් හඳුන්වා දිය යුතුයි. මෙම විස්කි ඩිජිටල් පද්ධතියක් හරහා ජනතාවට මිලදී ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. මෙය තමයි එකම විදිය වංචා, දූෂණ අඩුකර ගැනීමට.
රාජසන්තක කිරීම යනු මහජන සන්තක කිරීම මිස රේගු සේවක සන්තක කිරීම නොවේ. මෙලෙස රජ සන්තකයේ ඇති දෙයක් සොරාකෑම දඬුවම් ලැබිය යුතු සහ රැකියාවෙන් පහ කළයුතු වරදකි. හැබැයි ඉතාලියේ ඉන්න අය නම් විස්කි කන්ටේනර් ඇතුලේම දාලා තමයි ලංකාවට යවන්නේ. රේගු මහත්තුරු ඉතාලි කන්ටේනර් කරුවන්ට හරිම කරුණාවන්තයි.
ඔයිට වඩා හොඳ ජාවාරමක් වෙනවා. රජයේ ආයතනවල දූෂිත නිලධාරියෙක් අල්ලගෙන භාණ්ඩ අඩු මිල දාලා ගේනවා. ඊට පස්සේ රේගුවෙන් ඒ බඩු අල්ලගෙන කොටි ගානක දඩ ගහනවා. ඒ දඩෙන් භාගයක් රේගු නිලධාරින්ට. ඒ භාගයෙන් 20% විතර අර ගේන දූෂිත නිලධාරියාට දෙනවා. රජයේ මුදල් හොර පාරෙන් සාක්කුවලට දා ගන්නවා. බෝතල් වගේ නොවෙයි. පරම්පරා 10ක් විතර ගොඩ යනවා එක ඩීල් එකකින්...
රේගුවේ සෙට්එක ඩිස්ලයික් දාගෙන යනවා. ලැජ්ජාවක් නැහැ.. මේ අයට වැරැද්දට වැරැද්ද කියන්න. බෝතලේකට ආත්මය පාවලා දෙන්න ලැජ්ජාවක් නැහැ. නිවුස් එකට කොමෙන්ට් වැටෙනකොට හරි ලැජ්ජයි...
මේ වගේ පුවත් පලකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි..!!!
කුඩුත් ඔහොම්මම වෙයි නේද යන විදියට... සර් කෝ? නැහැනේ...!!!
බොරු කියන්න එපා. මේවා නිකන් බෙදාගන්නේ.. ගිය අවුරුද්දේ මගේ ඇස් දෙකෙන්ම මේක දැක්කා. මම ගියා ප්‍රධාන කාර්යාලයට... මම කළින් එවපු බඩුවලට අය කරලා තිබ්බ ඩිපොසිට් එකක් ගන්න ශාඛා කාර්යාලයට.. මට මතක විදිහට 7වෙනි හෝ 8 වෙනි මහලේ තිබ්බේ. සෙට්එක ලිස්ට් එකක් හදාගෙන හැමෝටම බෙදනවා. සල්ලිවලට නෙමෙයි.., නිකන් බෙදාගන්නේ. කවුද ඕවා හොයලා බලන්නේ නීතියක් නැති රටේ...?
අල්ලන කුඩු වලටත් වෙන්නේ ඔය ටිකම තමයි
හිටන් පත්තරෙන් හරි යමක් දැක්කා. දැන් ඉන්න කෙනා මෙලෝ රහක් නෑ...
ජොනී තොගයම ගත්ත ගානද ඔය ?
රේගුවේත් රාජපක්ෂලාගේත් වෙනසක් ඇත්තේම නැත..කොහෙන් හෝ ගසා කෑමට උපන් හපන් පිරිසකි..අර නාගානන්දට නින්ද ගිහින් වෙන්න ඇති මේ ගැන කට නොඇර ඉන්නෙ...
රේගුවේ සිදුවන දේවල් අතර මේක සුළු දෙයක් වෙන්න ඇති. රේගුවේ වැඩ කරන හැම කෙනෙක්ම හොඳ සල්ලි කාරයෝ. මේවා කවදාවත් හදන්න පුලුවන් දේවල් නෙවෙයි.ඔවුන්ට සාධාරණව සලකන්නෙ කවදා හරි සංස්කාර තමයි.
දේශපාලකයින්ට බැන බැන හිටියට රාජ්‍ය සේවකයාගේ හොරකම් උපරිමයෙන්ම තියෙන තැනක් රේගුව. මේවා නියාමනය කලයුතු හිටපු ජනාධිපති මහින්දත් මෙම ආයතනයට ගිහින් කල ප්‍රසිද්ධ ප්‍රකාශයක් මතක් වෙනවා " ඇල්ලුවත් ගොඩ, යැව්වත් ගොඩ " රටට ලැබෙන බදු මුදල් බිලියන ගානක් රේගුවේ ඉන්න හොරු හින්ද රටට අහිමි වෙනවා. මේ රේගුව සහ ඔවුන් ගේ සේවය විධිමත් විනිවිධ පරිපාලනයකට කර හොර මගඩි වහා ම නැවැත්විය යුතුයි. 225 බත් කන හරක් ට තියෙන්නේ මේවා නියාමනය කිරීම ,නීතිය ක්‍රියාත්මක කිරීම රේගුව නම් හොරු - හොරු නම් රේගුව.
කරනවා නම් තවත් හොඳ වැඩක් තියෙනවා. පිටරටින් ගෙන්වලා වරායේ හිරවෙලා තියෙන ඔය සුඛෝපභෝගී වාහන සේරම දෙකයි පනහ ගානේ වරාය සේවකයින්ට විකුණලා දැම්මා නම් වරායේ ඉඩකඩ ප්‍රශ්නයත් විසඳාගන්න පුළුවන්. මේ යන විදිහට ඒකත් ළඟදීම කෙරෙයි වගේ. යන යකා යන්නේ කොරහත් බිඳගෙන කියලනේ කියන්නේ...
වහ ටිකක් දාලා බෝතල් එව්වා නම් ඔය ජරාවැඩේ නවත්තන්න තිබුණා. අර තැපැල් දෙපාර්තමේන්තුවේ කෙනෙක් පන්නපු බෝතලයක් බීලා මලා වගේ වෙන්න..
මෙහෙමවත් බීලා විඳවපල්ලා. රාජසන්තක කලේ නොමිලේ ගෙනාව විස්කිද? කව්රුවත් මුදලට ගෙනා විස්කි මොවුන් කුණුකොල්ලෙට ගෙන බීම.., බඩට ශාප වදින වැඩක්.