(මනෝප‍්‍රිය ගුණසේකර)
චීන කටු ප‍්‍රතිකාර ගැනීමට පැමිණි රෝගී කාන්තාවකට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරද පිළිගත් කළුබෝවිල රෝහලට අනුයක්ත චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ හිටපු වෛද්‍යවරයකුට වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකර විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම දඬුවම වසර 25ක කාලයකට අත්හිටුවීමට නියම කළාය.
චීන කටු ප‍්‍රතිකාර ගැනීමට පැමිණ බරපතල ලිංගික අතවරයකට ලක්වු රෝගී කාන්තාවට රුපියල් ලක්‍ෂ 02ක වන්දි මුදලක් ගෙවීමට නියම කළ විනිසුරුවරිය විත්තිකරු රුපියල් 25,000/- දඩයකටද යටත් කළාය.
චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කළුබෝවිල රෝහලට අනුයක්ත චීන කටු චිකිත්සක මධ්‍යස්ථානයේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ ඞී.පී. විජේරත්න නමැත්තෙකුටය.
2006 මැයි මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කළුබෝවිලදී කාන්තාවකට බරපතල ලිංගික අතවර කළ බවට විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙම නඩුව විභාග වෙමින් තිබියදී විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා මෙම චෝදනාවට වරද පිළිගන්නා බව දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා අධිකරණය අමතමින් පීනස් රෝගයට ප‍්‍රතිකාර ගැනීම සඳහා අදාළ කාන්තාව කළුබෝවිල රෝහලට අනුයක්ත චීන කටු චිකිත්සක ආයතනයට පැමිණි අවස්ථාවෙදී මෙම විත්තිකාර වෛද්‍යවරයා ඇයට ප‍්‍රතිකාර කරන මුවාවෙන් ඇයට බරපතල ලෙස ලිංගික අතරවර කොව ඇතැයි කීය.
නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණය අමතමින් සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් දැඩි සේ මනස්තාප වන තම සේවාදායකයා මෙම චෝදනාවට වරද පිළිගන්නා හෙයින් ඔහුට ලිහිල් දඩුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරිය විත්තිකරුට අදාළ දඬුවම් නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු විද්‍යා සේවයෙන් නෙරපිය යුතුයි. නැත්නම් තවත් කාන්තාවන්ට අඩන්තේට්ටම් කරන්න පුළුවනි.
කාන්තා අපයෝජන චෝදනාවක් අවුරුදු 12ක් විභාග කරලා. ඇයි එච්චර කල් ගන්නේ? මට මතකයි මෑතකදී කුඩා දරුවෙක්ට අතවර කිරීමේ චෝදනාවකට වසර 20කට පමණ පසු තීන්දුව දුන්නා. ඒ ළමයා ලොකු වෙලා විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් අරන් සතුටින් ඉන්න බලද්දී ඉවරයක් නැති නඩු නිසා පරණ මතකයන් නැවත නැවත අවුස්සන එක ඇත්තටම ලොකු පවක්. කෙටි කාලයක් ඇතුලත ඔය නඩු ඉවර කරන එක වින්දිතයන්ට ලොකු මානසික නිදහසක්.
චූදිතයාට දඬුවම අවුරුදු 2යි. වින්දිතයාගේ ජීවිතයම අඳුරේ. මරණ දඬුවම අනිවාර්යයෙන් මේ වගේ අයට දිය යුතුයි.
මෙයා නම් වෛද්‍ය නිලධාරියෙක් නෙමෙයි.
ඔය ජීඕඑම්ඒ එකේ අයගේ වැඩ, කෝ අර හැම එකටම "රෝගීන් වෙනුවෙන්" කියා කියා වර්ජන කරන අය????
චීන කටු ගැසීම ලොකුම බොරු වැඩක්. ශරීරය තුල ඇතිවන අස්ථි ගෙවීම් සහ ඉන්ද්රිය වල ඇතිවන ආබාධ වලට ඔය කටු ගැහිලි හරි යන්නේ නැහැ. ප්‍රතිපල ලැබෙන්නේ බටහිර සහ ආයුර්වේද වෙදකම් වලින් පමනයි.
මේ බරපතල කියන්නේ? සාමාන්‍ය එව්වා මොනවද? බරපතල එව්වා මොනවද? ටිකක් පැහැදිලි මදි?
වෛද්‍යවරයෙක් වීමට කුසලතාවය තිබුනට මනස පාලනය කරගැනීමට කුසලතාවය නොමැති වීම අභාග්‍යක්.
නඩුව අහන්න ගතවුණ අවුරුදු 12 ඇතුලත කල් ක්‍රියාව කොහොමද කියල එලිවුනේ නැතුව ඇති.
මේ වගේ අපරාදයක් වෛද්‍යවරයෙක් කරපුවාම වෛද්‍ය සභාවේ අය මොකද කරන්නේ.